www.astrovisionlanka.com

Sunday, December 27, 2015

2016 නව වසරේ ලග්න පලාපල

වසරේ ලග්න ඵලාපල  - 2016
කාලය වේගයෙන් ගෙවී යමින් ඇත.අංක 09 වසර උදාවේ.කිවයුත්තේ යහපත් වසරක් නොවන බවයි.ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයත් සිංහ ලග්නයේ ජනරජ කේන්ද්‍රයත් මහා දේශපාලණික ව්‍යාකූලත්වයක් පෙන්නුම් කරයි.කියන්න තිබෙන්නේ පරිස්සමෙන් ඉන්න.කෙල්ල ගෙට ගන්න.දැනගෙන අතරමන් නොවී කතරගම යන්න,ගොනා ගැරෙන්නේ පොල් පැලය කන්න කියාය.ලෝකායන මේෂ ලග්න කේන්ද්‍රය ඊට හපන්ය.බලය වෙනුවෙන් මිනී මරාගන්නා පාපතරයෝ බලවත්වනු ඇත.යුද්ධ කලකෝලාහල වර්ධනය වේ.තාක්ෂණික විප්ලවයට අසුබයි.ස්භාවික විපත් විශේෂයෙන් ලැව්ගිනි සහ ගන් වතුර.අරාබියම කැලබෙන කාලයයි.සිරියාව පමණක් නොව තවත් අරාබිකරයේ රට වල යුදගැටුම් ඇවිලී යයි.බෝවෙන රෝග සහ හදුනා නොගත් රෝගයන් සමාජයේ පැතිර යනු ඇත.ලංකාවෙ අයට වතුර හිගයක් එනව 206.02.22 සිට 06.14 අතර කාලයෙ.ජනතාව කෝපවෙයි.රජයට ලොකු ගැටලු එයි.රට පුරා අසත්‍ය පැතිර යනව.

මේෂ , තුලා , වෘශ්චික , ධනු ලග්න හිමියන් සහ මිතුන සිංහ සහ වෘෂභ ලග්න හිමියන් 2016 ජනවාරි 22 දා සිට ජුනි 14 වනදා දක්වා කාලය ඉතා ප්‍රවේසමෙන් කටයුතු කිරීම වැදගත්.මාරක තත්වයන් දක්වා අයහපත වර්ධනය විය හැකියි.ඒ ඒ ලග්නයන්ට වසර පුරා ක්‍රියාත්මකවිය හැකි තත්වයන් පහත දැක්වේ.

මේෂ ලග්නය 

මේෂ ලග්නයේ ඔබට වසර ආරම්බය තරමක සහනදායී වනු ඇති.නමුත් ජනවාරි 22 වනදා පසුවීමත් සමග තත්වය අයහපත් අතට හැරේ කුජ මහදසා අතුරු දසා යෙදී ඇති මේෂ ලග්න හිමියනුත් සෙනසුරු මහදසා අතුරු දසා යෙදී ඇති මේෂ ලග්න හිමියනුත් ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කිරීම වැදගත්.ඔබ 2014.11.02 වනදා සිට 2017.01.24 දක්වා සෙනසුරුගේ ලග්න අශ්ටම ඒරාශ්ටකයට මුහුණ දෙමින් සිටී.ජනවාරි 22 වනදා මේෂ ලග්නයේ ඔබට ලග්නාධිපතිවූ කුජ ග්‍රහයා ලග්නයෙන් අටවැන්නට පැමිණීම සහ එහි වක්‍ර වෙමින් නීවෘත වෙමින් කුජ දිගුකාලයක් රැදී සිටීම මත මේෂ ලග්නයේ ඔබට 2016 ජුනි 14 වනදා දක්වා කාලය යහපත් නොවනු ඇත.තරමක හෝ සුබ තත්වයක් ඇතිකරවමින් සිටි ගුරු ග්‍රහයා 2016.01.29 වනදා සිට රාහු ග්‍රහයාගෙන් පීඩාවට පත්වීමද යහපත් නැත.

කලකෝලාහල , රණ්ඩු සරුවල් , හදිසි අනතුරු , ලේ ගලන තුවාල , කැපීම් හදිසි සැත්කම් , මුත්‍ර ආබාධ , බඩ යටිබඩ ආශ්‍රිත රෝග තත්වයන් මෙන්ම හදිසි රෝග තත්වයන් ඇතිවනු ඇත.තම තත්වයට ගෞරවයට හානි ඇතිවන ආකාරයේ සිදුවීම් සිදුවේ.දරුවන්ට අයහපත් කාලයකි.ඉගෙනීම් දක්ශතා දුර්වලවේ.තරග විභාගයන් සදහා වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කිරීමට සිදුවනු ඇත.පවුලේ නෑ හිතවතුන්ට අයහපත් වන  අතර ඔවුන් සමගත් අසල්වැසියන් සමගත් සිත් අමනාපකම් ඇතිවේ.පවුලේ අයෙකුගේ වියෝවීමක් අසන්නට ලැබේ.මටව සහ පියාටද අයහපත් කාලයකි.සහෝදර සහෝදරියන් සමග ගනුදෙනු කිරීම ඉවසීමෙන් යුතුව කල යුතුවේ.රැකියාව සම්බන්දව ගැටලු,ස්තාන මාරු , උසස් අයගේ අප්‍රසාධයට පත්වීම ආදිය ඇතිවේ.හදිසියේ සොර සතුරු බියක් දැනෙනු ඇත.පෙර කල පාපයන් පිලිබ්දව සිත් තැවුල් ඇතිකරවයි.ජීවිතය පිලිබ්දව කලකිරීම් ඇතිවේ.දරුසම්පත් බලාපොරොත්තුවෙන් සිටි අයට යහපත් කාලයකි.නමුත් ගැබිණි මව ඉතා ප්‍රවේසමෙන් කල් ගතකලයුතුය.ගබ්සාවීම් සිදුවිය හැකිය.ශරීරයේ උශ්ණත්වය අනවශ්‍ය ප්‍රමාණයට ඉහල යයි.

විවාහය විවාහ ජීවිතය ගෘහ වාසය සම්බන්දවද ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වනු ඇත.ශණික කෝපය පාලනය කර ගැනීම පවුලේ සමගියට හේතුවනු ඇත.ගිය වසර පුරාවටද සෙනසුරුගේ ඒරාශ්ටක අපලය පැවති අතර මේෂ ලග්නයේ ඔබට එම වසර එතරම් අයහපතක් හෝ අපලයක් නොවුනේ නම් 2016 මේ වසර ඉතා කල්පනාකාරීව කටයුතු කිරීම යහපත්වේ.ලේ දෝශ ඇතිවේ.උසස් හෝ වැඩිමහල් සහෝදරයෙකු හෝ සහෝදරියක සමග ස්තිර ශයෙන්ම ගැටලුවක් ඇතිකරගනී.ජුනි මාසයෙන් මසු තත්වය තරමක් දුරට සමනය උවත් 2017 වසරේ මුල් මාසය දක්වාම එතරම් යහපතක් ඇතිවන බව කිවහැකි නොවේ.

ප්‍රේම සම්බන්දතා හෝ විවාහය පිලිබදව බලාපොරොත්තු තබාගෙන සිටින මේෂ ලග්නයේ තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු වසරේ මුල් මාස කිහිපය තුලම ඉටුවිය හැකිය.ස්තිර වශයෙන්ම පුරුෂයන්ට ස්ත්‍රින්ගේත් ස්ත්‍රීන්ට පුරුෂයන්ගේත් ඇසුර ලැබේ.එම සබදතා ප්‍රේම සබදතාවයක් දක්වා වර්ධනය කරගැනීමට හැකි උවත් එය අපහසුය.සිත් බිදීම් ඇතිවේ.එමෙන්ම තම තත්වයට නොගැලපෙන ආකාරයේ සබදතාවයන් පවා ඇතිවී එමගින් ගෞරවය පිලිබදව ගැටලු ඇතිකරගනී.විවාහකයන් විශේෂයෙන් සැලකිමිමත් වන්න.රහස් සබදතා ඇතිවිය හැකි අතර එම සබදතා ස්තිරලෙසම සමාජයට නිරාවරනයවී ඔබ විශාල ගැටලුවකට හසුවිය හැකිය.ඉගෙනගන්නා වයසේ තරුණ තරුණියන්ද ප්‍රේම සබදතා පිලිබදව සැලකිලිමත්විය යුතුය.එවැනි කරුණු කාරනා හේතුවෙන් ඉගෙනීම් කටයුතු අතපසුවිය හැකි අතරම සම්පූර්ණයෙන් බිදවැටිය හැකිය.විශේෂයෙන් රැවටීම් සහිත ප්‍රේමයකට ඔබ යොමුවන කාලයකි.විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් ද ඔබට පැමිණෙන විවාහ යෝජනාවන් පිලිබ්දව නිසි ආකාරයෙන් සොයා බලා එම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම වැදගත්වේ.අප්‍රියල් 27 වනදා දක්වාම මංගල අවස්තාවන් සහිතවේ.

වසරේ මැද භාගය අවසන් වීමත් සමග මේෂ ලග්න හිමියන්ට ගෙවමින් පැවති කාලයට වඩා යහපත් කාලයක් උදාවනු ඇත.නමුත් මෙම කාලයේදී ශරීර සනීපය දුර්වලවේ.ආහාර විෂවීම් ආදී සුලු සුලු අසනීපයන් නිතර නිතර ඇතිවිය හැකිය.නමුත් සිතට සහනයක් සහිත කාලයකි.ලග්න අශ්ටම ඒරාශ්ටක අපලයද අවසන්වෙමින් පවතින කාලය නිසා ඉදිරිය යහපත් යැකි ඔබටම සිතෙනවා ඇත.

සමස්තයක් ලෙස 2016 වසර ඔබට යහපත් නැත.ඔබට යහපත් යැයි සිතෙන දේ පවා අවසානයේ අයහපතක් ලෙසින් අවසන් විය හැකිය.ප්‍රේම සබදතාවයක් ඇතිවීම සතුටකි.නමුත් එය ඔබගේ සියලු තත්වයන්ට හානි කරමින් අවසන් උවහොත් අයහපතකි.දුකකි.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයේ ඔබටද ඉදිරි වසර සුබාසුබ මිශ්‍රඵල උදාකරයි.රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවූ අයට තරමක කැපකිරීමක් සමග සිය බලාපොරොත්තු ඉටුකරගැනීමට හැකියාව ලැබෙනු ඇත.රැකියා ස්තානමාරු ස්තිරවශයෙන්ම ලැබේ.විදෙස්ගතවීම් සදහා සූදානම්වූ වෘෂභ ලග්න හිමියන්ට ජනවාරි 29 වනදායින් පසුව ස්තිරවම විදෙස්ගතවීමේ අවස්තාව ලැබෙනු ඇත.දුරබැහැර ගමන් කිහිපයක් යෙදෙනවා ඇත.වන්දනා ගමන් විශේෂිතයි.වසරේ මුල් කොටස ඉගෙනගන්නා දරුවන්ගේ දක්ෂතා එතරම් සුබදායක නොවූවද අගෝස්තු මාසයෙන් පසුව විශේෂ දක්ෂතා පෙන්නුම් කරනු ඇත.වසරේ මැදභාගයෙන් පසුව තරග විභාගයන්ගෙන් තමන් බලාපොරොත්තු නොවන ආකාරයේ උසස් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත.

2016 වසරේ මුල් මාසය අවසන්වීමත් සමග විවාහ දිවිය සම්බන්දව ගැටලු ඇතිකරවනු ඇත.විවාහක වෘෂභ ලග්න හිමියන් විශේෂයෙන් තම පවුල් ජීවිතය පිලිබ්දව සැලකිලිමත්වීම වැදගත්වේ.සාමකාමී නිවසේ පවා රන්ඩු සරුවල් ඇතිවනු ඇත.එකිනෙකාගේ සිත් රිදවන ආකාරයේ සිදුවීම් වලට මුහුණ දීමට සිදුවිය හැකිය.අසනීප තත්වයේ සිටින වෘෂභ ලග්න හිමියන් ඒ සම්බන්දව සැලකිලිමත්ව කටයුතු කල යුතුය.ජුනි 24 වනදා දක්වා කාලයේදී රෝග පීඩා උත්සන්න විය හැකිය.හදිසි කෝපය සහිතය.වෙනදාට වඩා කලබල ගතියකින් කටයුතු කරයි.සතුරන් ඇතිවේ.සතුරන් නිසා තමාගේ තත්වයට ගෞරවයට හානි ඇතිවනු ඇත.විශේෂයෙන් රැකියා ස්තානයේදී ඔබ නොකල වැරැද්දක් වෙනුවෙන් දඩුවම් විදීමට සිදුවනු ඇත.ස්තාන ප්‍රධානීන් සමග ආරවුල් ඇතිකරගනී.

සමාජයෙන් තරමක් දුරට හෝ දුරස්වී 2016 වසරේ මුල් කාලය ගතකිරීම යහපත්වනු ඇත.දේපල ආරවුල් ඇතිවනු ඇත.පරම්පරාවේ මහලු අයෙකුට විපත් ඇතිවේ.කෙසේ වෙතත් ආර්තික තත්වය යහපත්වේ.තම අවශ්‍යතා සදහා මුදල් ණයට ගෙන හෝ වියදම් කිරීමට හැකිවනු ඇත.ණය මුදල් ලැබෙන්නේ ඔබ ණයකාරයෙකු කිරීමටවේ.ඔබ මහන්සියෙන් කරන කටයුතු තුලින් බලාපොරොත්තු වන ප්‍රථිඵල ලබාගැනීම අපහසුවේ.සියල්ල සාර්තකව සිදුවී අවසාන මොහොතේ කුමන හේතුවකින් හෝ එම කටයුත්ත බිදවැටෙනවා ඇත.

කෘෂි කර්මාණ්තයේ සහ කර්මාන්ත අංශයේ රැකියාවල නියුතු අයගේ ආධායම් යහපත් උවත් හදිසියේ සිදුවන අලාබ හේතුවෙන් ඉතිරිකල ධනය පවා විනාසවී යා හැකිය.රියදුරන් කර්මාණ්තශාලා සේවකයන් සහ යන්ත්‍රසූත සමග රාජකාරී කරන්නවුන් වසරේ මුල් මාස හය ඉතා ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.හදිසි අනතුරු ඇතිවනු ඇත.

තරුණ තරුණියන්ගේ ආවේගශීලී බව වැඩිවේ.හරිදේටත් වැරදිදේටත් ඉක්මනින් කලබලවේ.රණ්ඩුසරුවල් ගැටුම් ඇතිවනු ඇත.ආයුධ භාවිතා වනවා ඇත.නොසිතූ ආකාරයේ විපත් ඇතිවන කාලයකි.මිත්‍ර සබදතා බිදී යනු ඇත.සහෝදර සහෝදරියන් සමග අමනාපකම් ඇතිවනවා ඇත.දේපල සම්බන්ද ගැටලු මතුවනවා ඇත.මවට අසනීප වැලදේ.එම අසනීප පවුලේ සියලු සාමාජිකයන්ටද පැතිරයනු ඇත.නැතිනම් පවුලේ වැඩිහිටියෙකු නිසා මුලු පවුලේ සියලුදෙනාටම පීඩා කරදර ඇතිකරවයි.

විවාහ බලාපොරොත්තුවෙන් සිටින අයගේ එම බලාපොරොත්තු ඉටුවන්නේ වසරේ පලමු මාස හය ගෙවීමෙන් පසුවවේ.ජුනි සිට ඉදිරියට පෙම් සබදතා සහ විවාහ බලාපොරොත්තු ඉටුවනු ඇත.කෙටි හදුනාගැනීමකින් ඇතිවන හිතවත්කම් විවාහයක් දක්වා ශක්තිමත් වනු ඇත.දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින වෘෂභ ලග්න හිමියන්ට අගෝස්තු මාසයෙන් පසු කාලයේදී දරු සුරතල් බැලීමට වාසනාව ලැබෙනවා ඇත.පවුලේ උත්සව අවස්තා යෙදෙනු ඇත.

වසරේ මුල් කාලය අපල සහිතයි.විශේෂයෙන් මාර්ග අනතුරු , රැකියා ස්තානයේ ගැටලු , රණ්ඩුසරුවල් , පවුල් ජීවිතයේ ගැටලු ආදිය විශේෂයෙන් ඇතිවිය හැකි බැවින් ඒවා සම්බන්දව සැලකිලිමත්වීම වැදගත්ය.රාගාධික බව වැඩිවන කාලයකි.අනියම් කම්සැප සදහා සිතයොමුවිය හැකිය.ගෞරවයට හානි ඇතිවේ.නොගැලපෙන සමාජ ඇසුර ඇතිවේ.එමෙන්ම දත්මුල්දියවීම , මුඛයේ රෝග , උශ්ණ රෝග , රහස් රෝග ආදිය ඇතිවිය හැකිය.2017.01.24 වනදා වෘෂභ ලග්න හිමියන්ට ලග්න අශ්ටම ඒරාශ්ටක අපල ආරම්භ වනු ඇත.

මිථුන ලග්නය

මිථුන ලග්නයේ ඔබට 2016 වසර මධ්‍යස්ත ප්‍රතිඵල උදාකරවනු ඇත.සෙනසුරු ලග්නයෙන් හයවැන්නේ ගමන් කිරිම යහපත් උවත් කුජ ග්‍රහයා හයවැන්නේ ගමන් කිරීම යහපත් නොවනු ඇත.සතුරු කරදර ඇතිකරවන අතර සතුරා ජයගැනීමට හැකියාව ලැබේ.නමුත් සතුරා ඔබට හානියක් කර අවසන්ය.රැකියාව සම්බන්දව ගැටලු ඇතිකරවයි.ඔබ යටතේ සිටින සේවකයන්ගේ විරුද්ධවීමක් යෙදේ.තමාගේ මාම කෙනෙකුට අපලයි.

අධ්‍යාපනය සම්බන්දව ඇතිවී පැවති බාධාවන් 2016.01.29 වනදායින් පසුව ඉවත්වී යනු ඇත.ඉගෙනීමෙන් බලාපොරොත්තුවන ප්‍රතිඵලයට වඩා යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත.දෙපැත්තට වැනෙමින් පැවති ප්‍රේම සබදතා වෙනදාට වඩා ශක්තිමත්ව ගොඩනගා ගැනීමට් හැකිවේ.විවාහ බලාපොරොත්තු අයගේ බලාපොරොත්තු අගෝස්තු මාසයට පෙර ඉටුවනු ඇත.වැඩිහිටි අයෙකුගෙ උදව් උපකාර ලැබෙනා කාලයකි.එය විශේෂයෙන් වැඩිහිටි කාන්තාවකගෙන් විය හැකිය.ආර්තික තත්වය නිතර උස් පහත්වේ.ජීවිතයේ උපරිම සතුට බුක්තිවිදින අතරම ජීවිතය පිලිබදව කලකිරීමටද හේතු ඇතිවනු ඇත.

අසල්වැසියන්ගෙන් කරදර පීඩා ඇතිවේ.විශේෂයෙන් අසල්වැසියන් ඔබ පිලිබ්දව අනෙකා සමග විවේචනය කරනු ඇත.ඔබගේ කරුණාවන්ත බව හෝ පරිත්‍යාගෂීලී බව ඔවුන් .ඔබට කපටිකම් කිරීමට හේතුවක් වනු ඇත.රාත්‍රී කාලයේ ගමන් බිමන් යෙදේ.කෙටි ගමන් බිමන් වැඩියෙන් යෙදේ.සහොදර සහෝදරියන්ගේ ක්‍රියාකලාපය ඔබට චිත්ත පීඩාවන් ඇතිකරවයි.රැකියා ස්තානයේ වෙනසක් ඇතිවිය හැකිය.ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ග වෙත යොමුවීමට සිතේ.එයින් සාර්තකවීමටද හැකියාව පවතී.තමාගේ දැනුමට නව දැනුමක් , නව විෂයක් ඉගෙනීමට අවස්තාව ලැබේ.ගුප්ත විස්වාසයන් ඇතිවේ.ගෘහ ජීවිතයේ පැවති මානසික පීඩාකාරී බව ඉවත්වී සහනය ලැබෙනු ඇත.නව නිවාස සහ දේපල සම්බන්ද කටයුතු අගෝස්තු මාසයෙන් පසුව වඩා සාර්තක කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.නිවසේ ආගමික උත්සවයක් හෝ එවැනි කටයුත්තකට සම්බන්ද වීමට අවස්තාව ලැබෙනවා ඇත.වසරේ මුල් කොටසේදී විවාහ දිවියේ ගැටලු ඇතිකරවයි.මත ගැටුම් දුරදිග යයි.ස්වාමියාට හෝ බිරිදට අසනීපයක් සෑදෙන්නට හේතු පවතී.

හදිසි අනතුරු ඇතිවේ.වසරේ මුල් මාස හය ඉතා ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.ලේ දෝශ ඇතිවේ.ලේ ගලන කැපුම් තුවාල සහිතයි.ශණික කෝපය නිසා ගැටුම් ඇතිකරගනී.සතා සිව්පාවාගෙන් පවා කරදර ඇතිවේ.නිවසේ සුරතල් සතුන් පවා අසනීප විය හැකිය.මුත්‍ර ආබාධ ඇතිවේ.ගර්භණී මව්වරුන් ආහාර රටාව පිලිබ්දව සැලකිලිමත්විය යුතුය.

කටක ලග්නය

කටක ලග්නයේ ඔබට මෙම වසර තරමක සුබ තත්වයක් ඇතිවනු ඇත.දේපල සම්බන්දව පැවති අයහපත් බව මගහැරී යයි.නිතර අබලන්වූ  වාහනයට ස්තිර විසදුමක් ලැබෙනු ඇත.නැතිනම් වෙනත් වාහනයක් පිලිබද බලාපොරොත්තු ඉටුවේ.ඉඩකඩම් සහ නිවාස කටයුතු නියමාකාරයෙන් අවසන් වනු ඇත.නීතිමය ගැටලු ඇතිවී පැවතියේ නම් ඒවායෙන් නිදහස් වීමට අවස්තාව ලැබෙනවා ඇත.

ඉගෙනගන්නා දරුවන්ගේ ඉගෙනීම් යහපත්වේ.නව ඉගෙනීම් සදහා අවස්තාව යෙදෙනවා ඇත.තරග විභාගයන්ගෙන් ජයලැබේ.තරග විභාගයන් සදහා ආත්ම විස්වාසයෙන් යුතුව ඉදිරිපත්විය හැකිය.ප්‍රේම සබදතා වලට වසරේ මුල් මාස හයක කාලය අයහපත්ය.කාලයක් පවත්වාගෙන ආ සබදතා උවත් බිදීයා හැකිය.විවාහ දිවියේ ගැටලු ඇතිවේ.විශේෂයෙන් අසමගිය සහ සැකය අනෙකා පිලිබදව ඇතිවේ.ඔබද සැක සහිත ලෙස හැසිරෙනු ඇත.බිරිද හෝ ස්වාමියා වසරේ මුල් මාස හය තුල රෝගාතුර විය හැකිය.විවාහ බලාපොරොත්තු සදහා සුබ තත්වයක් පැවතියත් ජුනි මාසය දක්වා තවදුරටත් බලාගෙන සිටීමට සිදුවනු ඇත.

රැකියා ස්තානයේ කැපීපෙනෙන චරිතයක් වන නමුත් අනෙකාගේ ඊර්ශ්‍යා කුහක කම් නිසා නොසිතූ අවස්තාවලදී ගැටලු ඇතිකරවයි.හවුලේ කරන කටයුතු අතරමග නවතා දැමීමට සිදුවනු ඇත.කාලයක් පැවති මිත්‍ර සබදතාවයක් හෝ ඔබගේ උදව් කරුවෙකු අමනාපවේ.විදෙස් ගමන් සදහා ඉතා යහපත් කාලයකි.ඒ සදහා පැවති බලාපොරොත්තු ස්තිරවශයෙන්ම ඉටුවේ.මුදල් තත්වයේ වෙනසක් සිදුවේ.හදිසියේ නොසිතූ මොහොතක විශාල මුදලක් වියදම් වියදම් කිරීමට සිදුවේ.විශේෂයෙන් දේපල සංවර්ධනයට මිලදීගැනීමට මුදල් වියදම් වනවා ඇත.කෙසේ වෙතත් මිල මුදල් කටයුතු වලදී ප්‍රවේසම් විය යුතුය.ණය මුදල් ගැනීමේදීත් ණයට මුදල් දීමේදීත් කල්පනාකාරීව කටයුතු කරන්න.කෙසේ වෙතත් මිල මුදල් කටයුතු වලදී ප්‍රවේසම් විය යුතුය.ණය මුදල් ගැනීමේදීත් ණයට මුදල් දීමේදීත් කල්පනාකාරීව කටයුතු කරන්න.විදෙස්ගත නෑ හිතවතුන්ගේ ආධාර උපකාර ලැබෙනා කාලයකි.විදෙස්ගත නෑ හිතවතුන්ගේ ආධාර උපකාර ලැබෙනා කාලයකි.නොසිතූ අවස්තාවල මුදල් වියදම් වනවා මෙන්ම නොසිතූ ආකාරයේ ලැබීමක්ද සහිත කාලයකි.

දරු සම්පත් බලාපොරොත්තු ගැබිණි මාතාවන්ට ගබ්සාවීම් සිදුවිය හැකි බැවින් නිතර ප්‍රවේසම් විය යුතුය.ජුනි මාසය දක්වාම මෙම බලවත් අයහපත් තත්වය පවතී.දරු උපතේදී පවා අසාමාන්‍ය තත්වයන් ඇතිවිය හැකිය.බඩ යටිබඩ ප්‍රදේශයේ උශ්ණරෝග ඇතිවේ.හදිසි සැත්කම් , හදිසි අනතුරු ඇතිවිය හැකිය.ආහාර විසවීම් සහිතයි.අගෝස්තු මාසයෙන් පසුව බොහෝ යහපත් දේ සිදුවිය හැකිය.

සිංහ ලග්නය

සිංහ ලග්නයේ ඔබට 2016 වසර එතරම් යහපත් නොවනු ඇත.ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භය 2016 වසර විය හැකිය.එම ආරම්බය යහපත් නැත.තමාගේ ජීවන රටාවේ වෙනසක් සිදුවේ.දේපල සම්බන්දව ගැටලු ඇතිවන අතර එම ගැටලු නීතිමය ගැටලු දක්වාත් රණ්ඩු සරුවල් දක්වාත් දුරදිග යනු ඇත.අසල්වැසියා සමග ඉඩකඩම් පිලිබදව ආරවුල් ඇතිවනු ඇත.තමාගේ වටිනා භාණ්ඩ අබලන්වී කැඩී බිදීයා හැකිය.ඒවා අලුත්වැඩියා කිරීම සදහා තමාගේ තැම්පත් ධනය පවා වියදම් වී යනු ඇත.

වසරේ මුල් මාස හයක කාලය තදබල අයහපත් කාලයක් වනු ඇත.ශරීරයට අලසකම සහ වෙහෙස මහන්සිය ඇතිවේ.හිරි වාතය වැනි වාත ආබාධයන් ඇතිවේ.මෙම රෝගී තත්වයන් තම මවට විශේෂයෙන් ඇතිවිය හැකිය.තමාගේ දේවල් වලට තවත් අයිතිකරුවන් පෙනී සිටිනා කාලයකි.ප්‍රිතියෙන් තොර දුර බැහැර ගමන් යෙදේ.විදෙස්ගත ලාංකිකයන් නිවාඩු ලබා හෝ දින කිහිපයකට මව් බිමට පැමිණෙනු ඇත.විදෙස් ගමන් බලාපොරොත්තු සිංහ ලග්න හිමියන්ගේ බලාපොරොත්තු ජනවාරි 29 වනදායින් පසුව ස්තිරලෙසම සඵල වනු ඇත.ඔබ වැඩිහිටියෙකු නම් දේපල බෙදීමේ කටයුතු සදහා මෙම වසරේදී යොමුවනු ඇත.නමුත් සියල්ලන්ට සාධාරනව බෙදීම සිදුවුවත් කිසියම් හෝ අතපසුවීමක් නිසා අමනාපකම් සිත්බිදීම් ඇතිකරවයි.ගෘහ ජීවිතය චිත්ත පීඩා ඇතිකරවයි.නිතර කල්පනාකරමින් කාලයගත කරයි.මවට හෝ පියාටත් පවුලේ වැඩිහිටි නෑ හිතවතෙකුටත් මාරක තරම් අපල යෙදෙනවා ඇත.ස්තිරවම මෙම වසර තුලදී තමාට වඩා කිට්ටු හිතවත් අයෙකුගේ වියෝවක් අසන්නට ලැබෙනු ඇත.එම කටයුතු වලට සම්බන්දවීමට සිදුවේ.

ඔබගේ සිත නිතර නිතර කැලඹීමකට ලක්වේ.එක් ගැටලුවක් අවසන් වන්නේ තවත් ගැටලුවක ආරම්භය සමගින්ය.කෙසේ වෙතත් ආත්ම ශක්තියෙන් ඕනෑම තත්වයකට මුහුණ දීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.ඉගෙනගන්න දුවාදරුවන්ට ඉගෙනීමේ දුර්වලතා විශේෂයෙන් ඇතිනොවූවත් ඉගෙනීමට බාධාවන කිසියම් හේතු නිසා ඉගෙනීමේ නියම හැකියාව ස්මතු නොවනු ඇත.විශේෂයෙන් දරුවන් මෙම වසරේ නිවසේ වාසය කරන්නේ බලවත් මානසික පීඩාවන් සමගවේ.සිතේ ආවේගශීලීත්වය වැඩි කාලයක් නිසා නොබියව ඕනෑම දෙයකට ඉදිරිපත් උවත් එම ඉදිරිපත්වීමෙන් ඔබටම හානියක් ඇතිවිය හැකිය.එම නිසා සිත පාලනය කරගැනීම ඔබගේ යහපතට හේතුවනු ඇත.නිවසේ අදුරු ගතියක් ඇතිවේ.අමනුෂ්‍ය බලපෑම් ඔබටත් ඔබගේ පදිංචි ස්තානයටත් ඇතිවේ.රාත්‍රී ගමන් විපත් ඇතිකරවයි.

විවාහ ජීවිතයේ ස්තිරවම ගැටලු ඇතිවේ.සහකුරු හෝ සහකාරිය පිලිබ්දව සැක සාංකා මතුවී එයි.මත ගැටුම් දුරදිග යයි.2017 වසර දක්වාම මෙම අයහපත් තත්වය සිංහ ලග්නයේ අඹුසැමියන් අතර ඇතිවනු ඇත.රාගාධික බව වැඩි කාලයකි.අසනීප තත්වයන් උවත් මේ හේතුවෙන් ඇතිවිය හැකිය.කෙසේ වෙතත් මෙම වසරේ මුල් කාලය තුලදී සහකරුට හෝ සහකාරියට කිසියම් අසනීප තත්වයක් ඇතිවනු ඇත.මෙය අනෙක් පාර්ශවයේ බලවත් චිත්ත පීඩාවන්ට හේතුවනු ඇත.විවාහකයන් සදහා කිවයුතු විශේෂ දේ වන්නේ 2016 වසර පුරාවටම ඔබගේ විවාහයේ ස්තිර බවට හානියක් කිසියම් ආකාරයකින් ඇතිවිය හැකි බැවින් දුසිරිතෙන් වැලකී යහපත් දිවියක් ගතකිරීම ඔබගේ පවුලේ සමගියටත් පැවත්මටත් නිරෝගී බවටත් හේතුවියහැකි බවයි.

විවාහ අපේක්ෂිතයන්ට තම උපන් ගමින් පිට අයගේ විශේෂ මංගල යෝජනා ලැබේ.නමුත් විවාහය ස්තිරකරගැනීමට පෙර ඔවුන්ගේ තත්වය සොයාබලා කටයුතු කිරීම යහපත.රැවටීම් වංචාවන්ට හසුවිය හැකිය.එමෙන්ම ප්‍රේම සබදතා ඇතිවන අතර තමාට කිසියම් ආකාරයක නොගැලපීමක් සහිත කෙනෙකු සමග මෙම සබදතා ඇතිවිය  හැක.එම සබදතාවන් හි පැවැත්ම අස්තිරය.අවසානයේ ප්‍රේමය බිදී බලවත් චිත්ත පීඩාවන්ට හසුව ජීවිතය පවා එපාවී යා හැකිය.

ආර්තික තත්වය මෙම වසරේ වැඩි වෙනසක් ඇතිනොවේ.සාමන්‍ය මට්ටමක පවතින ආර්ථිකය විටින් විට උස් පහත්වීම් සහිතවේ.නොසිතූ අවස්තාවක වැඩි වියදම් සහිත කටයුතු යෙදුනද එම වියදම නැවත කුමන ක්‍රමයකින් හෝ තමාවෙත ලැබෙනු ඇත.නව ඉඩකඩම් දේපල මිලදී ගැනීම් සදහා යොමුවන මෙම කාලය ඔබ වියදම් කරන මුදලට සාධාරනයක් නොමැතිව විසදේ.හොදම දේ යැයි සිතා මිලදීගන්නා යමක උවද කිසියම් දෝශයක් ඇතිවේ.ඔබගේ ජංගම දුරකතනය පවා අලුත්වැඩියා කිරීමට මෙම වසරේ මුල් මාස හයතුල සිදුවිය හැකිය.රැකියාවේ තත්වය පහලයයි.රැකියා ස්තානයේ ඔබට පැවති පිලිගැනීම නැතිවී යයි.ආයතන ප්‍රධානියාගේ දෝෂ දර්ශනයට ලක්වේ.රැකියා ස්තානයත් චිත්ත පීඩා ඇතිකරවන ස්තානයක් වනු ඇත.

මාර්ග අනතුරු , සහකරුට හෝ සහකාරියට වැලදෙන රෝග , පපුවේ ආබාධ , වාත මාරු මෙම වසර පුරාවට ඔබට ඇතිවිය හැකිය.විශේෂයෙන් පපුව සම්බන්ද සැත්කම් සදහා මුහුණ දෙන සිංහ ලග්න හිමියන්ට වසරේ මුල් මාස හයක කාලය ඉතා අයහපත්වනු ඇත.එමෙන්ම උණ සංනිපාත,බෝවන රෝග , බඩේ උශ්ණ රෝග සහ අජීරණ තත්වයන් ඔබ පීඩාවට පත්කරවනු ඇත.ඉහත කී බොහොමයක් අයහපත් දෑ වසරේ මුල් මාස හය තුල ක්‍රියාත්මක වනු ඇත.අගෝස්තු මාසයෙන් පසු සියලු අංශයන්ගේ සහනයක් බලාපොරොත්තු විය හැකිය.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයට මෙම වසර මද්‍යස්ත ප්‍රතිඵල උදාකරවයි.වසරේ මුල මාස හයක කාලය යහපත් නැත.සහෝදර සහෝදරියන් සමග ආර්වුල් ඇතිවේ.ඔබගෙන් බාල සහොදර සහොදරියන්ටත් ඔවුන්ගෙන් ඔබටත් අපල ඇතිකරවනු ඇත.අසල්වැසියා ඔබ සමග විරුද්දවේ.ප්‍රසිද්ධ සතුරන් ඇතිවේ.ඔවුන් ඔබගේ අඩුපාඩු කියමින් ඔබගේ තත්වයට හානි කරවයි.ඉතා ලගින්ම ඇසුරු කරන්නාම ඔබගේ සතුරාවනු ඇත.තමාගේ තත්වයට ගෞරවයට හානි ඇතිවේ.නමුත් ඔබට සතුරා පරාජය කිරීමට හැකියාව ලැබෙනු ඇත.හවුලේ කරන ව්‍යාපරවලින් ඇතිකරවන්නේ පාඩු පමණි.හවුල් කරුවා ඔබගෙන් වෙන්ව වෙනම කටයුතු කිරීම නිසා ව්‍යාපාර අඩපණවේ.පෙබරවාරි මාසයේ මුල සිටම ශරීරයේ අසනීප තත්වයන් ඇතිකරවයි.රාත්‍රී ගමන් මාරක බිය ඇතිකරවනු  ඇත.දුර බැහැර ගමන් කිහිපයක් යෙදෙන නමුත් අධික වෙහෙස මහන්සිය පමණක් ප්‍රතිඵලය වනු ඇත.නිතර හිතට ගතට පීඩාවන ආකාරයේ සිදුවීම් චිත්ත පීඩා ඇතිවනු ඇත.

ඉගෙනගන්න දුවාදරුවන්ටත් තරග විභාගයන් සදහා ඉදිරිපත් වන්නන්ටත් යහපත්ය.අගෝස්තු මාසය දක්වා තරමක බාධාවක් පැවතියත් වසර අවසාන භාගය ඉතා යහපත්වේ.නව ඉගෙනීම් , තාක්ෂණික , කෘෂි කර්මාණ්ත අංශයේ දැනුම සොයන්නන් සදහා යහපත්ය.පාසලේදී අමතර ඉගෙනුම් ම්ධ්‍යස්තාන වලදී රණ්ඩු සරවල් ගැටුම් ඇතිවිය හැකිය.ගුරුවරුන් සමග සිත් අමනාපයන් ඇතිකරවයි.දඩුවම් පවා ලැබිය හැකිය.

විවාහ දිවියේ තරමක සැනසිලිදායක බවක් ඇතිකරවයි.කෙසේ වෙතත් සහකරු හෝ සහකාරිය රෝගාතුර වීමක් යෙදේ.දින කෙහිපයක් එක්තැන්ව ප්‍රතිකාර ලැබීමට සිදුවනු ඇත.රෝගී තත්වයන්ගෙන් පසුවන විවාහකයන් එම දුර්වලතා පිලිබ්දව සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත් වනු ඇත.ඔබගෙන් , සහකරුට හෝ සහකාරියට මාරක තරම් අපල යෙදෙන අවස්තා වසරේ මුල් කාලසීමාවේදී යෙදිය හැක.අලුතින් විවාහ දිවිය ආරම්භ කර ඇති අඹුසැමියන් අතර දෑවැද්ද දේපල පිලිබ්දව ගැටලු ඇතිකරවයි.මෙම ගැටුම් සිතනවාට වඩා දුරදිග යයි.

දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු මුල් මාස හය පසුවීමෙන් පසුව ඉටුවනු ඇත.ගැබ්බර මව් වරුන් වසරේ මුල් මාස හයක කාලය ඉතා ප්‍රවේසමෙන් කටයුතු කිරීම යහපති.ගබ්සාවීම් , ගර්භාෂයේ දුර්වලතා ඇතිකරවනු ඇත.දරු ප්‍රසූතියේදී අධික ලෙස ලේ වහනය වනු ඇත.

විවාහ බලාපොරොත්තු සහ ප්‍රේම සබදතා යහපත් ආකාරයෙන් ඇතිවන්නේ අගෝස්තු මාසය පසුවීමත් සමගවේ.ඔබට වඩා වයසින් වැඩි අයගේ ඇසුර ඇතිකරවයි.පුරුෂයන්ට වැඩිහිටි ස්ත්‍රීන්ගේත් , ස්ත්‍රීන්ට පුරුෂයන්ගේ ඇල්ම බැල්ම වැටෙනා කාලයකි.නොගැලපෙන සබදතා ඇතිවන අතර එම සබදතා ටික දිනකින් කැඩි බිදී යයි.කම්සැප ලාබ ලැබේ.රාගාධික බව වැඩිවේ.අනියම් සබදතා හේතුවෙන් ආරවුල් පවා ඇතිවී ඔබගේ ගෞරයට හානි ඇතිවිය හැකි බැවින් සැලකිලිමත්ව කටයුතු කල යුතුයි.

ආර්තික තත්වය වසරේ මුල් කාලයේ යහපත් නැතත් වසර මැද සිට වසර අවසාන කාලය දක්වාම යහපත් තත්වයක් ඇතිකරවනු ඇත.රැකියාව සම්බන්දව විශේෂ ගැටලු නැතත් කාර්‍යාලයේ කිසියම් වෙනස්කම් කිහිපයක් හේතුවෙන් තරමක පීඩාකාරී බවක් ඇතිවනු ඇත.විදෙස්ගතවීම සදහා යහපත්ම කාලය 2016 වසරයි.නමුත් එම කටයුතු නීත්‍යානුකූල ආකාරයෙන් සිදුවිය යුතුය.රැවටිලි කරුවන්ට වංචාකරුවන්ට හසුවිය හැකිය.කෙසේ වතත් ශාරීරික අසනීප තත්වයන් හේතුවෙම් අධික ලෙස මුදල් වැයවීමක් සිදුවිය හැකිය.එමෙන්ම ඔබට බොරු අසරනකම් පෙන්වා ඔබගෙන් , මිතුර මිතුරියන් ආධාර උපකාර බලාපොරොත්තු වනු ඇත.

අගෝස්තු මාසයේ මැද ගුරු ලග්නගතවීම සිදුවේ.ගෙවීගිය කාලයට වඩා යහපත් කාලයක් ස්තිර ලෙසම උදාවනු ඇත.ආර්තික තත්වයට යහපත්වේ.නව උදව් කරුවන්ගේ සහාය ඔබට ලැබෙනු ඇත.විවාහ බලාපොරොත්තු ඉටුවන කාලයකි.ඉගෙනීම් ඉතා සාර්තක ප්‍රතිඵල උදාකරවයි.දරු සම්පත් බාපොරොත්තුවූවන්ගේ බලාපොරොත්තු ඉටුවේ.දේපල වර්ධනය කරගත හැකිය.විවාහ සහකරුගේ සහකාරියගේ ආදරය ගෞරවය බැදීම ශක්තිමත්වනු ඇත.ජීවිතයේ පැවති බොහොමයක් ගැටලු ප්‍රශ්ණ සදහා ස්තිර විසදුම් ලැබෙනු ඇත.කෙසේ වෙතත් රිය අනතුරු , රාත්‍රී ගමන් නිසා කරදර ආදිය ඇතිවේ.කර්මාණ්තශාලා සේවකයන් තම රැකියාව ඉතා වගකිමෙන් පරිස්සමෙන් කලයුතුය.හදිසි අනතුරු සහිත වසරකි.ආහාර විසවීම් , විෂ ශරීරගතවීම් යෙදිය හැක.සර්පයන් බල්ලන් වැනි සතුන්ගෙන් පීඩා විපත් ඇතිවනු ඇත.අමනුෂ්‍ය දෝෂයන්ට හසුවේ.

තුලා ලග්නය

තුලා ලග්නයට 2016 වසරේ මුල් මාස හය කිසිසේත්ම යහපත් නැත.වසර හතයි මාස හයක් දක්වා පැවති ලග්න ඒරාශ්ටක අපලයේ අවසාන වසර මෙයයි.යන යකා කොරහ බිදගෙනම පිටවීමක් මෙම වසරේ මුල් මාස හය තුලදී ඇතිවිය හැකිය.ඉතාමත් කල්පනාකාරීව සියලුම තැන කටයුතු කල යුතුය.මිලමුදල් අතින් දුශ්කරතා මතුවේ.ණයට ගැනීමට පවා සිදුවිය හැකිය.එමෙන්ම ඔබගෙන් ණයට ගන්නා මුදල් නැවත නොගෙවමින් මගහැරීම ණය කරුවා විසින් සිදුකරනු ඇත.විශාල අලාභයක් ඇතිවිය හැකිය.පලක් රහිත නිශ්ඵල වියදම් බොහොමයක් යෙදෙනු ඇත.රැකියා ස්තානයේ සතුරන් ඇතිවේ.ඔවුන් ඔබට ප්‍රසිද්ධියේ සතුරුකම් කරනු ඇත.කාලයක් තිස්සේ පැවති ඉතා කිට්ටු මිත්‍ර සබදතාවයක් හදිසියේ බිදීයයි.වෙනදා ඉතා කිට්ටුවෙන් ඇසුරු කල අයගෙන් වෙන්වී කටයුතු කිරීමට ඔබ පෙළබේ.කිසිසේත්ම තමන්ට නොගැලපෙන අයගේ ඇසුර ඇතිවන අතර ඔවුන් ඔබ සොයා නිවසට පැමිණේ.තමා සමග සම්බන්දකම් පැවැත්වූ වැදගත් ඔබගේ උදව් කරුවන් ඔබගෙන් ඈත්වී යනු ඇත.ඔබ යන එන තැන්වල විරුද්ධ කරුවන් ඇතිවේ.ඔබගේ ලගම හිතවතෙකු හෝ ඇසුරුකරන්නෙකු ඔබගේ වටිනා දෙයක් සොරකම් කරනු ඇත.නැතිනම් ඔබට වංචාවක් කරනු ඇත.

ඔබගේ වටිනා භාණ්ඩයක නඩත්තු කටයුත්තක් සදහා අමතර වැඩි වියදමක් කිරීමට සිදුවනු ඇත.ඔබ අතින් ඔබගේ වටිනා භාණ්ඩයක් නැතිවීමට හෝ මගතොට වැටීමකට හෝ අමතකවීමක් ඇතිවිය හැකිය.දේපල සම්බන්දව ගැටලු ඇතිකරවයි.රීර්ෂ්‍යා කාරයන් ඇතිවේ.ඇස්වහ කටවහ දෝෂයන්ට පහසුවෙන් හසුවන කාලයකි.ඔබගේ කට වචනයේ සංවර බව බිදී තැන නොතැන නොබලා කතා කිරීම හේතුවෙන් නොසිදූ ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇත.විශේෂයෙන් විවාහ දිවියේ බොහොමයක් ගැටලු ඇතිවන්නේ මේ නිසාවෙනි.බිරිදටත් , ස්වාමියාටත් විපත් ඇතිවියහැකි කාලයකි.අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතිවිය හැකිය.දරුවන්ටද අයහපත්වේ.

මව අසනීප විය හැකිය.රෝගාතුරව සිටින මව්වරුන් පිලිබදව වෙනදාට වඩා සැලකිලිමත්ව ප්‍රතිකාර කිරීම වැදගත්වේ.පියාට හෝ තමාගේ මාමා කෙනෙකුටද විපත් කරදර ලෙඩදුක් ඇතිවිය හැකිය.ඉගෙනගන්නා දරුවන් කොතෙක් දක්ෂතා දැක්වූවත් ඒවාට නිසි පිලිගැනීමක් නොලැබීයන කාලයකි.තම ගුරුවරයෙකු අමනාපවිය හැකිය.ප්‍රේම සබදතා බිදීයන කාලයකි.තමාගේ පීඩාකාරී බව අනෙක් පාර්ෂවයේ කලකිරීමට හේතුවක් වනු ඇත.එමෙන්ම නොගැලපෙන , අනියම් සබදතා ඇතිවිය හැකි මෙන්ම එම රහස් එලිවීමෙන් විශාල අවණම්බුවක් ඇතිවිය හැකිය.එමෙන්ම රණ්ඩු සරුවල් ඇතිවීමටද මෙයම හේතුවක් විය හැකිය.විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවීම වසර පුරාවට යහපත් උවත් පැමිණෙන විවාහ යෝජනාවන් ස්තිරකරගැනීමට බාධාවන දේ සිදුවේ.මේ හේතුවෙන් 2017 දක්වාම විවාහය ප්‍රමාදවිය හැකිය.

චිත්ත පීඩාවන් සහිත කාලයකි.මුහුණේ කටේ සුලු සුලු ආබාධ ඇතිවේ.මුහුණේ ළප කැලැල් ඇතිවන කාලයකි.එමෙන්ම දත් මුල් දියවීම හෝ දත් සෙලවීම සිදුවිය හැකිය.අගෝස්තු මාසය පසුවීමෙන් පසුව සියලු තත්වයන් යහපත් තත්වයට ස්තිරවම පත්වේ.දිගු අපල කාලයක් ගෙවීයාම අගෝස්තු මාසයෙන් ඇරෙබෙනු ඇත.අපලය අවසන් යැයි සිතට නිරායාසයෙන්ම දැනෙනවා ඇත.ඔබගේ කේන්ද්‍රයේ උපතින් සදු ලග්නයෙන් අටවැන්නේ තැම්පත්ව ඇත්නම් හෝ උපතින් සදු ලග්නයෙන් තෙවැන්නේ තැම්පත්ව ඇත්නම් සෙනසුරුගේ අපල කාලය 2020 දක්වාම දීර්ග වනු ඇත.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ මේ මොහොතේ සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය අවස්තාව ගෙවමින් සිටී.එනම් සෙනසුරු ලග්නයේ ගමන්කරමින් සිටී.2017 දක්වාම සෙනසුරු ලග්නයේ ගමන්කරමින් ඒරාශ්ටක අපලය ඇතිකරවයි.2016 වසර තුලද ඔබට එතරම් යහපතක් සිදුවේ යැයි කිව නොහැකිය.සිතට දුකක් කනගාටුවක් ඇතිවන අතර එය කාලයක් පවතිනු ඇත.කිසියම් දෙයක අහිමිවීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවනු ඇත.නිතර කෝපයන් පසුවේ.කේන්තිය හිතේ තදකරගෙන කාලයගතකරනු ඇත.

සහොදර සහොදරියන් සමග ආරවුල් ඇතිකරගනි.අසල් වැසියගෙන් දුරස්ව තම පාඩුවේ කටයුතු කිරීමට සිතදේ.මවට වසරේ මුල් මස හයක කාලය ඉතාමත්ම අයහපත්වේ.මවට මාරක අපලයක් යෙදෙනු ඇත.වැඩිහිටි පාර්ශවයට ඔබගෙන් අපල ඇතිකරවයි.තමාගේ වටිනා භාණ්ඩු අබලන්වේ.පරන බඩු මිලදී ගැනීමට යොමුවේ.හදිසියේ විශාල මුදලක් වියදම් කිරීමට සිදුවනු ඇත.තම තත්වයට ගෞරවයට හානිවන කටයුතු කිහිපයක් ඔබ අතින් සිදුවිය හැකිය.අයහපත් ක්‍රියාවන් කිරීමට ඔබගේ සිත ක්‍රියාත්මක වනු ඇත.

රැකියාවේ ස්තාන මාරුවක් යෙදෙනවා ඇත.රැකියා ස්තානයේදී ඔබට චිත්ත පීඩාවන් ඇතිකරවයි.කිසියම් වංචා චෝදනාවකට වැරදිකරුවෙකු විය හැකිය.ස්තාන ප්‍රධානීන්ගේ පීඩනයට හසුවේ.ඒ නිසාවෙන් ඔවුන් සමග පවත්වන සබදතා සීමාසහිතව පවත්වාගෙන යාම යහපත්ය.රැකියාව සම්බන්ද කටයුතු සදහා දුර බැහැර වෙහෙස සහිත ගමන් යෙදෙනා කාලයකි.නමුත් උත්සහය සහ ආත්මශක්තිය යහපත්වනු ඇත.අමතර ආධායම් මාර්ගවෙත යොමුවීමට සිත්දේ.එවැනි කටයුතු සදහා ඔබව සම්බන්දකරගැනීමට කිසියම් පිරිසක් උත්සහ කරනු ඇත.නමුත් එවැනි කටයුතු සදහා අතගැසීමෙන් ඔබට ඇතිවන්නේ අයහපතකි.විදෙස්ගත රැකියා බලාපොරොත්තුවූවන්ගේ එම බලාපොරොත්තු  සඵල වනු ඇත.

දරුවන් සිටිනා දෙමාපියන්ට දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අමතර වෙහෙස මහන්සියකින් යුතුව කටයුතු කිරීමටත් අමතර වියදම් කිරීමටත් සිදුවනු ඇත.දරුවන්ගේ අසනීප තත්වයන් හේතුවෙන් නිදිමැරීමටත් රෝහල් ගතවීමටත් සිදුවනු ඇත.තරුණ වයසේ දරුවන් සිටින දෙමාපියන් දරුවන් පිලිබදව වැඩි අවධානයකින් කටයුතු කිරීම යහපත්වේ.දරුවන් අයහපත් ක්‍රියාවන්ට යොමුවීමක් ඇතිවේ.ඉගෙනගන්නා වයසේ දුවාදරුවන්ට තම අධ්‍යාපණික කටයුතු අතපසුවියා හැකිය.අසනීප තත්වයන් නිසා තමාට වැදගත් පාඩම් අතපසුවනු ඇත.තරග විභාගයන්ගෙන් සිතනා  තරමේ දක්ෂතාවයේ තරමට ප්‍රථිපල නොලැබේ.මේ හේතුවෙන් චිත්ත පීඩාවන් වර්ධනය වනවා ඇත.සුව නින්දට බාධා ඇතිවේ.නින්ද නොයනා කාලයකි.රාත්‍රිය පුරාවට කල්පනා කරමින් කාලයගතවිය හැකිය.

විවාහ දිවියේ බරපතල ගැටලු නිර්මාණය වනු ඇත.මතගැටුම් ඇතිවේ.ස්වාමියාගේ හෝ බිරිදගේ ශාරීරික ශක්තිය දුබල වනු ඇත.කිසියම් අසනීපයකින් පීඩාවිදීමට සිදුවනු ඇත.මෙයින් මුලු පවුලේම පැවැත්මට අයහපත් බලපෑමක් ඇතිකරවයි.තමන්ට වඩා වැඩි වයසේ අයගේ ඇසුර ඇතිවේ.රාගාධික බව වැඩි කාලයකි.විවිධාකාරයේ කම්සැප සුවය ලබන්නට සිත යොමුවන අතර මෙයින් තම ශාරීරික ශක්තිය දුබලවේ.ඇබ්බැහිවීම් සිදුවන කාලයකි.එම නිසා සියලු දුසිරිතෙන් වැලකී කටයුතු කලයුතුය.ප්‍රේම සබදතා පවත්වාගැනීමට වැඩි කැපකිරීමක් සිදුකිරීමට සිදුවනු ඇත.තමාගේ සුලු අතපසුවීමකින් පවා ප්‍රේම සබදතාවය බිදීයා හැකිය.එමෙන්ම ප්‍රේම සබදතා නිසා අවනම්බුවීමක් සිදුවිය හැකිය.විශේෂයෙන් තරුණියන් මෙම වසරේ මුල් මාස හයක කාලය ඉතා ප්‍රවේසමෙන් විනීතව හැසිරීම යහපත්ය.

2016 වසරේ මුල් මාස හය පසුවීමෙන් පසුව ගෙවීගිය කාලයට වඩා තරමක යහපත් කාලයක් උදාවනු ඇත.නමුත් සෙනසුරු 2017 දක්වා ලග්නයේම ගමන් කරන නිසාත් සම්පූර්ණයෙන්ම ඒරාශ්ටක අපල අවසන් වන්නේ 2020 වන නිසාත් බලවත් සුබ තත්වයක් ඇතිවන්නේ ඉතාමත් අඩුවෙනි.2016 වසරේදී ඔබට හිසේ ආබාධ ඇතිවිය හැකිය.කුඩා ගෙඩි තත්වයක් හෝ බිබිලි තත්වයක් හිසේ ඇතිවේ.හිසේ උශ්ණත්වය ඉහල යන අතර හිසරදය නිතර ඇතිකරවයි.හදිසි අනතුරු ආදියෙන්ද කැපීම් සීරීම් වැටීම් ආදියෙන්ද විපත් ඇතිවිය හැකිය.විශ ශරීරගතවීමක් හෝ විෂ බියක් ඇතිකරවයි.

ධනු ලග්නය

ධනු ලග්නයේ ඔබට 2016 වසර එතරම් යහපත් නොවනු ඇත.අලසකම,ඇගේ පන නැති මලානික ගති වසරේ මුල් කොටසේදී ඇතිකරවනු ඇත.නෑ හිතවතුන්ගෙන් දෝෂාරෝපණ ඇතිවේ.නිකරුනේ බැනුම් ඇසීමට සිදුවේ.නොකල වැරදි සදහා දඩුවම් ලැබිය හැකිය,රියදුරන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.නීතිමය ගැටලු ඇතිවේ.කාලයක් පැවති නීතිමය ගැටලුවක් තමාට අවාසි වන ආකාරයෙන් විසදේ.තමාගේ වටිනා බාණ්ඩ කැඩී බිදී හානිවීම නිසා ඒවා නඩත්තු කිරීමට අමතර වියදම් යෙදෙනු ඇත.වසරේ මුල් මාස හයක කාලය විශේෂ අපල ඇතිකරනවා ඇත.තමාටත් පවුලේ අයටත් යහපත් තත්වයක් ඇතිනොවනා කාලයකි.ඔබගේ ජීවිතයේ අමුතුම පරිඡ්චේදයක ආරම්භය 2016 වසරේදී සිදුවිය හැකිය.ජීවිතයට ඉතා වැදගත් දෙයක පැහැදිලි වෙනසක් ඇතිකරවයි.එය එතරම් සුභදායක නොවනු ඇත.

වාසනාව වෙනස්වේ.දුරබැහැර ගමන් යෙදේ.වන්දනා ගමන් කිහිපයක් යෙදෙනවා ඇත.ශරීරයේ අධික වෙහෙස ගතියක් ඇතිවේ.මවටත් පියාටත් දෙදෙනාටම අසනීප තත්වයන් ඇතිවිය හැකිය.විශේෂයෙන් මව දුර්වලවේ.ගෘහ ජීවිතයේ කටයුතුවල පිලිවෙල වෙනස්වේ.සිතේ කලබලගතිය ඇතිවනු ඇත.නිවසේ අලුත්වැඩියා කටයුත්තක් යෙදෙනු ඇත.තමා සතු දේපලක් විකුණා දැමීමට සිත යොමුවේ.එම ගනුදෙනුවෙන් පාඩු ඇතිකරගනී.අසල්වැසියන් නිසාද සහෝදර සහොදරියන්ගේ කටයුතු නිසාද තම ධනය වියදම්වේ.රැකියාව සම්බන්දව බලවත් අයහපතක් නැතත් රැකියාවෙන් ලබනා වැටුපෙන් නිසි ප්‍රයෝජන ගැනීම අපහසුවේ.ලබාගන්නා වැටුපට වඩා වියදම් ඉහලයන කාලයකි.හවුලේ කරන ව්‍යාපාර දුර්වලවේ.ඔබ යටතේ සේවය කරන සේවකයන් පවා ඔබට විරුද්ධ විය හැකිය.ඔවුන් අයිතිවාසිකම් පඩි වැඩිවීම් ගැන ඉල්ලීම් කරනු ඇත.විශාල කර්මාන්ත ව්‍යාපාර පවත්වාගෙන යන ධනු ලග්න හිමියන් මේ පිලිබදව අවධානයෙන් සිටීම වැදගත්වේ.ඔබ ගන්නා හදිසි තීරනයෙන් ඔබගේ ව්‍යාපාර බංකොලොත් තත්වයට පවත්විය හැකිය.විදෙස් රැකියා සදහා පිටත්ව යාමට අවස්තාව ස්තිර වශයෙන්ම ලැබෙනු ඇත.

ඉගෙනගන්නා දුවාදරුවන්ට එතරම් යහපත් නැත.මතකය දුර්වලවේ.සිතේ කලබල ගතිය හේතුවෙන් ධාරණ ශක්තිය දුර්වලවේ.තරගවිභාගයන්හිදී ඉතා හොදින් පිලිතුරු දන්නා ප්‍රශ්ණයට උවද නිසි පිලිතුරක් ලබාදීමට නොහැකි තත්වයක් ඇතිවිය හැකිය.මෙයට හේතුව වන්නේ දැනුමේ ගැටලුවක් නොව සිතේ පවතින ව්‍යාකූලත්වයයි.විදෙස්ගත අධ්‍යාපණික අවස්තා සොයමින් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවේ.

විවාහ දිවිය තරමක කටුක බවක් දැනේ.සහකරු හෝ සහකාරිය ඔබගේ කටයුතු විවේචනය කරයි.මත ගැටුම් ඇතිවේ.රාගාධික බව වැඩිවේ.අනියම් සබදතා සදහා සිත යොමුවිය හැකිය.ප්‍රේම සබදතා සදහා උවද යහපත් කාලයක් නොවේ.බලවත් මානසික පීඩාවන් ප්‍රේමය නිසා ඇතිවනු ඇත.ගෞරවයට හානි වීමක් ඇතිවේ.ගැහැණු ළමුන් කල්පනාකාරී විය යුතුය.තරුණයන් දුසුරුතට , රස්තියාදුවට පුරුදුවිය හැකි කාලයක් මෙන්ම එමගින් තම පවුලේ තත්වයට ගෞරවයට පවා හානි ඇතිකරවයි.

2016 අගෝස්තු මාසය වනවිට ගුරු මාරුවත් සමග ඉහත කී අසුබ තත්වයන් සමනය වී බොහො දුරට යහපත් කාලයක් වනු ඇත.ධනු ලග්න හිමි ඔබට 2016 වසර විශේෂිත අයහපත් තත්වයක් ඇතිවන බව ඉහත සදහන් විය.ඔබ මේ මොහොතේ සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය ගෙවමින් සිට්න අතර දොලොස්වැන්නේ සිටින සෙනසුරුට පස්වැන්න අධිපති කුජගේ යෝගවීමක් 2016 වසර මුලදී සිදුවේ.මෙය යහපත් නැත.අනෙක් අතට ලග්නාධිපති ගුරු ග්‍රහයා 2016.01.29 වනදා සිට 2016.08.18 වනදා දක්වා රාහුගෙන් පීඩාවීමක් සිදුවේ.මෙයද යහපත් නැත.ඔබට මෙම වසරේදී කිසියම් අසනීපයක් ඇති උවහොත් එය තවත් ඉදිරියට වසර හයක් පමණ විටින් විට මතුවිය හැක.එනම් මේ ඔබ ගෙවන්නේ අයහපතක ආරම්භක අවස්තාව වේ.තවත් උදාහරනයක් මෙසේය.ඔබගේ දරුවෙකු මේ සමයේ දුසිරිතට යොමුවුවහොත් එම අවකල් ක්‍රියා පුරුද්දක් වශයෙන් කාලයක් පවතිනු ඇත.එම නිසා මෙම වසර , විශේෂයෙන් ජුනි මාසය දක්වා මුල් කොටස ඉතා ප්‍රවේසමෙන් කල්පනාවෙන් කටයුතු කල යුතුය.

ඇසක රෝගයක් මෙම වසරේදී ඇතිවිය හැකිය.මුහුණේ හෝ ශරීරය පුරාවට ලප කැලැල් ඇතිකරවයි.නිතර කේන්තියන ගති ඇතිවේ.ඇස් වටා කලු ගතියක් ඇතිවේ.හදිසි අනතුරු මෙන්ම මාර්ග අනතුරු මගින් අස්ති බිදීම් කැපීම් ලේ ගැලීම් ඇතිවිය හැකිය.මුත්‍ර ආබාධ , උෂ්ණ රෝග ඇතිකරවයි.

මකර ලග්නය

මකර ලග්නයේ ඔබට මිශ්‍රඵල උදාකරන වසරකි.වසර ආරම්භයේදීම උෂ්ණ රෝගයන්ගෙන් පීඩා විදීමට සිදුවනු ඇත.මානසික මට්ටම එතරම් යහපත් නැත.කෙසේ වෙතත් ලැබීම් අතින් යහපත් වසරකි.ලැබෙනවා වාගේම නිශ්ඵල වියදම් අවස්තාවන්ද යෙදෙනු ඇත.ඉඩකඩම් දේපල බෙදීම් ආදියෙන් වාසි ලැබේ.භූමි සම්පත් සදහා අතගැසීමට හොදම කාලයකි.වැඩිහිටියන්ගේ උදව් උපකාර හිමිවනු ඇත.වැදගත් වැඩිහිටි මිතුරන්ගෙන් උපකාර හිමිවේ.වැඩිහිටි සහොදර සහෝදරියන්ගේ අවධානයද ඔබට මෙම වසර තුලදී ලැබෙනු ඇත.විවාහ යෝජනා පැමිණේ.විවාහය සිදුරකරගැනීමටත් විවාහයක් සිදුවීමත් මෙම වසර තුලදී සිදුවනු ඇත.තම පවුලට නව සාමාජිකයන් එකතුවේ.

ආර්තික තත්වය යහපත්ය.නමුත් රැකියා ස්තානයේ ගැටලු ඇතිකරවයි.රැකියාවේ වෙනසක් බලාපොරොත්තු උවද එම බලාපොරොත්තුව ඉටුනොවේ.හදිසි ධනලාබ පවා ලැබිය හැකි කාලයක් වේ.වාහනයක් මිලදීගැනීමේ සිහිනය මෙම වසරේ මුල් මාස හයතුල ඉටුවේ.නමුත් එම වාහනයෙන්ම ඔබට අනතුරු ඇතිකරවිය හැකිය.එමෙන්ම දේපල මිලදී ගැනීම් සදහා යොමුවීමට අවස්තාව සහ හැකියාව ලැබෙනු ඇත.නිවසක් ඉදිකිරීමේ සිහින සෑබෑ වේ.එමෙන්ම වැඩ ඉතුරුව ඇති නිවාසවල වැඩ අවසන්කර ගැනීමට මෙම වසර තුලදී අවස්තාව ලැබෙනු ඇත.විදෙස්ගතවිමේ බලාපොරොත්තුව ඉටුවේ.

ඉගෙනගන්නා දරුවන්ගේ දක්ෂතා ස්මතුව පෙනෙනා කාලයකි.ආත්මශක්තිය සහ අවශ්‍යතාව ඇතිනිසා ඉදිරිපත්වන බොහෝ තරග විභාගයන්ගෙන් යහපත් ප්‍රතිඵලයක් ලැබිය හැකිය.එමෙන්ම ක්‍රීඩාශීලී බව වර්ධනය වනු ඇත.ක්‍රීඩා ජයග්‍රහන ලැබේ.නමුත් ඉගෙනීම් කටයුතු අසනීප තත්වයන් සහ පවුලේ නිවසේ යෙදෙන භාහිර කටයුතු හේතුවෙන් මගහැරී යාමද සිදුවේ.ඉගෙනගන්නා වයසේ දරුවන් සිටින දෙමාපියන්ට තම දරුවන්ගේ දක්ෂතා හේතුවෙන් ප්‍රීතිවීමේ අවස්තාව ලැබේ.එමෙන්ම දරුවන්ගේ අසනීප තත්වයන් සහ ඇතිකරගන්නා භාහිර අයහපත් සිදුවීම් නිසා චිත්ත පීඩාවන් ඇතිකරවනු ඇත.

ගෘහජීවිතය තරමක් ඒකාධිපතිව මෙහෙයවයි.ඔබගේ අවශ්‍යතා අනුව නිවසේ අනෙකුත් අයට ක්‍රියාකිරීමට සිදුවනු ඇත.ඔබ පවුලේ කැපී පෙණෙන චරිතයක් බවට 2016 වසර තුලදී සිදුවනු ඇත.විවාහ ජීවිතයේ තරමක ගැටලුකාරී බවක් පැවතියත් සහකරු හෝ සහකාරිය ඔබගේ මතයට එකගකරවා ගැනීමේ හැකියාව පවතී.ශක්තිමත් ප්‍රේම සබදතාවයක් ඇතිවිය හැකියි.ඔහු හෝ ඇය තරමක වයස් පරතරයක් සහිත කෙනෙකු වූවත් ඔබගේ ජීවන රටාවට යහපත් අත් උදව් කරුවෙක් වනවා ඇත.දරු සම්පත් බලාපොරොත්තු දෙමාපියන් තරමක් ඉවසීමෙන් කටයුතු කලයුතුය.එමෙන්ම ගැබ්බර මව්වරුන් උශ්ණ ආහාරයන්ගෙන් වැලකී වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකිරීම වැදගත්ග.දරු ගැබට හානි ඇතිවිය හැකිය.දරු ප්‍රසූතියේදීද සංකීරණ බවක් ඇතිවිය හැකිය.

අසල්වැසියෙකු නිසා ඔබට පිඩාවක් ධන හානියක් හෝ රන්ඩුසරුවල් වීමක් සිදුවිය හැකිය.එමෙන්ම තම අසල්වැසියෙකුට හෝ පවුලේ අයෙකුට නැතිනම් ලගම හිතවතෙකුගේ වියෝවීමක් සිදුවිය හැකිය.ඔබගේ සහොදරියකට හෝ සහොදරියකට මාරක අපල යෙදෙනු ඇත.එය බාල වැඩිහිටි බේදයක් නැත.එමෙන්ම තමා ගොඩනගාගත් ගෞවරවයට තත්වයට කිසියම් අයහපතක් සිදුවිය හැකි කාලයකි.බෝවෙන රෝගවලට පහසුවෙන් හසුවේ.තමාට වැලදෙන ලෙඩ දුක් පවුලේ අනෙක් සාමාජිකයන්ටද බෝවීම සිදුවේ.විෂ ශරීරගත වීමට.බල්ලන් සර්පයන් ආදී සතුන්ගෙන් පීඩා සිදුවේ.රාත්‍රි ගමන් අයහපත්ය.නිදන්ගත රොග තත්වයක මූලික ආරම්භක අවස්තාව මෙම වසර වියහැකි බැවින් ආහාර පාන පිලිබදවත් , අයහපත් පුරුදු පිලිබදවත් සැලකිලිමත් වීම යහපති.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයේ ඔබට 2016 වසරේදී සුභාශුභ මිශ්‍රපල ඇතිකරවයි.රැකියාවේ තණතුරු ලාබ ලැබේ.විශේෂයෙන් උසස්වීම් බලාපොරොත්තුවූවන්ගේ එම බලාපොරොත්තු කරදර බාධක මැද උවද සඵල කරගැනීමට හැකියාව ලැවේ.කාර්‍යාල සේවයේදී ඉවසීමෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නම් සිතනවාට වඩා යහපත් තත්වයක් ඇතිකරගැනීමේ හැකියාව ලැබේ.අසල්වැසියන්ගෙන් උදව් උපකාර ලැබේ.ඔබගේ පිහිටට සිටි අයෙකුගේ වියෝවක් වෙන්වීමක් සිදුවනු ඇත.විශේෂයෙන් තමා සමග සම්බන්දකම් පවත්වන වැඩිහිටියෙකුට මාරක විපත් ඇතිවන කාලයකි.රැකියාව හෝ තම ආධායම සම්බන්ද කටයුතු සදහා දුරබැහැර ගමන් යෙදෙනවා ඇත.විදෙස්ගත වීම් සදහා යහපත්ම කාලයයි.විදෙස්ගත නෑ හිතවතුන්ගෙන් මුදල් ආධාර ලැබෙනා සමයකි.ලැබීම එසේ සිදුවනවිට වියදම් වීම් සහ හානිවීම් කිහිපයක්ම යෙදෙනවා ඇත.අසනීප තත්වයන් වෙනුවෙන් ද , දානමාන පිංකම් සදහාද , වන්දනා ගමන් වැනි දුරබැහැර ගමන් සදහාද අමතර වියදමක් දැරීමට සිදුවිය හැකිය.

තම දේපල අයිතිවාසිකම් පිලිබ්දව ගැටලු ඇතිවිය හැකි කාලයකි.දේපළ විනාශවීමක් සොරු ගැනීමක් අතහැරදැමීමක් සිදුවිය හැකි කාලයකි.මවටත් පියාටත් වසරේ මුල් මාස හයතුල එකලෙස අසුබ ඇතිවේ.විශේෂයෙන් රෝගී තත්වයන් එක්තැන්වීම් සිදුවිය හැකිය.ගෘහ ජීවිතය තරමක චිත්ත පීඩා ඇතිකරවයි.ශණික කෝපය නිසා පවුලේ සමගියට බාධා ඇතිවේ.එමෙන්ම හිතවතුන් අමනාපවීමක්ද සිදුවිය හැකිය.කාලයක් තිස්සේ ඇසුරුකල අයෙකු අමනාපවීම නිසා හෝ වියෝවක් නිසාවෙන් සිතට දුක් පීඩා ඇතිකරවයි.බිරිදට හෝ ස්වාමියාට කිසියම් ශාරීරික දුර්වලතාවයක් ඇතිවිය හැකිය.ඒ වෙනුවෙන් අමතර වෙහෙසමහන්සියක් මුදල් වැයකිරීමක් සිදුකිරීමට සිදුවනු ඇත.එමෙන්ම සහකාරිය හෝ සහකරු පිලිබදව සැක සාංකා මතුවේ.කේලම් ඕපාදූප අසන්නට ලැබේ.මේවා පවුලේ සමගියට බාධා ගෙන එයි.එමෙන්ම දරු සම්පත් බලාපොරොත්තු වූවන්ගේ එම බලාපොරොත්තු ඉටුවේ.පවුලට නව සාමාජිකයන් එකතු වන කාලයකි.

ඉගෙන ගන්නා දරුවන්ට තම දක්ෂතාවයට වඩා වැඩි ප්‍රතිපලයක් ලැබිය හැකි මෙන්ම කිසියම් බාධාවක් නිසා , කලකිරීමක් , පරාජයවීමක් නිසා අධ්‍යාපනට කෙරෙහි පැවති උනන්දුව හීනවීයා හැකිය.පාසලේදී හෝ අධ්‍යාපන මධ්‍යස්තානයකදී ඔබට අවනම්බුවක් සිදුවිය හැකිය.මෙය රැකියාව සම්බන්ධවද බලපානු ඇත.දරුවන් සිටිනා කුම්භ ලග්නයේ දෙමාපියන් දරුවන් පිලිබදව සැලකිලිමත්වීම වටී.කැපුම් තුවාල ලේ දෝෂ , උණ සංණිපාත තත්වයන් දරුවාට ඇතිවිය හැකිය.

විවාහ බලාපොරොත්තු මෙම වසර තුලදී සඵල කරගැනීමට ස්තිරකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.එමෙන්ම  ප්‍රේම සම්බන්දතා කිහිපයක් උවත් ඇතිවිය හැකිය.දැන හදුනාගන්නා ඕනෑම අයෙකු සමග සබදතා ඇතිවිය හැකිය.විශේෂයෙන් අනියම් සබදතා සහිත කාලයකි.ගෞරවයට හානිවීම් යෙදෙනවා ඇත.ඉතා ධනවත් පවුලක තරුණියක් සල්ලාලයෙකු සමග ප්‍රේමයෙන් වෙලී හදපානේ පැනයා හැකි කාලයකි.එය උදාහරණයකි.එවැනි සිදුවීම් සිදුවිය හැකිය.මුලු පවුලටම නින්දා අපහාස ඇතිවීමට එවැනි සිදුවීම් හේතුවනු ඇත.ප්‍රේමයේදී හෝ විවාහයේදී සොයාබලා කටයුතු කරන්න.

වසරේ මුල් කාලය තුල හදිසි හෘධ්‍යාභාධ ඇතිවිය හැකිය.පපුව සම්බන්ද දුර්වලතා ඇතිවේ.පපුවේ වේලුම්ගති සහිතයි.පපුව සම්බන්ද සැත්කම් සදහා මුහුණ දෙන්නන්හට කිසියම් අවධානම් තත්වයක් ඇතිවිය හැකිය.රහස් ප්‍රදේශ වල රෝග තත්වයන් සහ සමේ රෝග ඇතිවනවා ඇත.

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබට 2016 වසර ඔබට මිශ්‍රඵල උදාකරයි.ආගමික කටයුතු සදහා සම්බන්දවීමට අවස්තාව සැලසේ.දුර බැහැර වන්දනාවේ යාමට අවස්තාව ලැබේ.වැඩිහිටියන් සමග ඇසුර වර්ධනය වනු ඇත.තමාගේ පදිංචියේ වෙනසක් සිදුවිය හැකිය.නිදාගන්නා දිශාව හෝ වෙනස් වනු ඇත.දිනපතා තමාගේ දිනචරියාවේ වෙනසක් ඇතිවේ.ධන ලාබ ලැබිය හැකි කාලයකි.මේවා හිතවතුන්ගේ උපකාර විය හැකිය.එවැනි ලැබීම් පවතින නමුත් නිකරුනේ අනවශ්‍ය වියදම් කිරීම්ද සිදුවනු ඇත.භූමි සම්පත් සදහා උත්සහ කලයුතු කාලයයි.කිසියම් පැහැදිලි ලාභයක් ලැබීමට වසරේ මුල් කාලයේදී හැකිවනු ඇත.මැණික් කර්මාණ්තයේ නියුතු මීන ලග්න හිමියන් කතරගම සහ විෂ්ණු යන දෙවෙයන්ට බාරහාර වී එම කටයුතු ආරම්භ කිරීම ඉතා යහපත් ප්‍රතිඵල ලබගැනීමට හැකිවනු ඇත.වසරේ මුල් මාස හයක කාලය සතුරු කරදර පීඩාවන් ඇතිවිය හැකිය.විශේෂයෙන් රැකියා ස්තානයේ විරුද්දකරුවන් ඇතිවනු ඇත.

පියාගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවනු ඇත.පියාට හෝ පියපාර්ශවයේ වැඩිහිටියෙකුට විපත් කරදර ඇතිවිය හැකිය.ඔබට කාලයක් තිස්සේ පැවති රෝගයකින් සුවය ලබන්නට හැකිවේ.තමාට සතුරුකම් කල අය පවා හිතවත්විය හැකිය.අගොස්තු මාසයෙන් පසු ඔබට සමාජයේ විශේෂ පිලිගැනීමක් ඇතිවිය හැකිය.ඔබගේ නම ප්‍රසිද්ධවීමට කුමනහෝ සිදුවීමක් සිදුවිය හැකිය.ඉගෙනගන්නා දරුවන්ටද අගොස්තු මාසය දක්වා එතරම් විශේෂ යහපතක් නැතත් ඉන් පසු කාලයේ දක්ෂතා වර්ධනය වන අතර තරගවිභාගයන්ගෙන් ස්තිර ජය හිමිවනු ඇත.පාසලේ හෝ අධ්‍යාපන මධ්‍යස්තානයේ දක්ෂතා අතින් කැපී පෙනෙන්නෙකු විය හැකිය.

විවාහ දිවිය හෝ ගෘහ ජීවිතය සම්බන්දව කිවයුතු පැහැදිලි අයහපතක් නැතත් නෑණලා මස්සිනාලාගෙන් විවිද ගැටලු ඇතිවේ.පවුලේ සමගියට බාධා ඇතිවන්නේ එවිටයි.දරුසම්පත් බලාපොරොත්තුවෙන් සිටිනා මීන ලග්න හිමියන්ට අගොස්තුමාසය දක්වා දරමක් බලාසිටීමට සිදුවේ.ඉන්පසු කාලය යහපත්වේ.විවාහ අපේක්ෂිතයන්ටද එසේවේ.වසරේ මැදභාගය පසුවන විට ඔබට ඇතිව තිබූ බොහොමයක් කරදර වලින් නිදහස්වී දියුනුව නිදහස ලැබිය හැකිය.තමාගේ තත්වය සම්බන්දව වසරේ මුල් මාස හයක කාලය තුල ගැටලු ඇතිවිය හැකි බැවින් ඒ සම්බ්න්දව සැලකිලිමත් වන්න.වාත රෝග මෙන්ම දනිස් අමාරු සහ හදිසි වැටීම් සහිත කාලයකි.එමෙන්ම ආහාර අරුචිය , ආහාර විශවීම සහ උදරාබාධ ඇතිවිය හැකි කාලයකි.
sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
hadahanalanka.blogspot.com



>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>


2016 නව වසරේ ලග්න පලාපල වාර්තාව

2016 වර්ෂයේ ලග්න පලාපල අනුව ලග්න 5කට එතරම් යහපත් නොවන අතර ලග්න 2කට සුබ පල දෙයි. ලග්න 5කට මිශ්‍ර පල දෙයි.
සෑම කෙනෙකුගේම ලග්නය අනුව බලන විට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා වෘශ්චික රාශියේ වර්ෂය පුරාවටම ගමන් ගනී. මේෂ, වෘෂභ, මිථුන යන ලග්න 3ටත්, තුලා, වෘශ්චික, ධනු යන ලග්න 3ටත් අපල ගෙන දෙන කාලයකි. විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ගේ ශනි සිටින්නේ 8 වැනි රාශියේය. ධනු ලග්න හිමියන්ගේ ශනි 12 වැනි රාශියේත්, වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි 1 වැනි රාශියේත් ගමන් ගැනීම නිසා ධන හානි, හදිසි අනතුරු, තදබල රෝග, වෘත්තීය කරදර, පවුලේ අසමඟිය, විවාහ ප්‍රමාදාදිය සිදුවෙයි.
2016 ජනවාරි 30 සිට රාහු කන්‍යා රාශියෙන් ඉවත් වී සිංහ රාශියේ ගමන් කිරීමට පටන් ගනී. වර්ෂ 1 1/2ක් ගමන් ගන්නා රාහු 2017 අගෝස්තු 17 වැනිදා කටක රාශියට එයි. කටක, සිංහ, කන්‍යා ලග්නවල අයට රාහු ගමන එතරම් සුබ පල නොදේ. මානසික අවුල්, ධන හානි, ඉක්මන් තීරණ නිසා පාඩු සිදුවෙයි.
තවද සිංහ, කන්‍යා, තුලා ලග්න හිමියන්ගේ රාශිවල කේතු, යුරේනස් ගමනද අනතුරු, ලේ දෝෂ, හතුරු කරදර පවා ගෙන දෙයි. කන්‍යා ලග්න හිමියන්ට පවුලේ අසමඟිය, නින්දා අපහාස, අභූත චෝදනා, නඩු හබ, නීති ප්‍රශ්න ඇතිවෙයි.
කන්‍යා ලග්න හිමියන්ගේ යුරේනස් සහ කේතු මේ වසර තුළ 7 වැනි රාශියේ ගමන් ගනී. මේ ගමනද හදිසි අනතුරු, අඹුදරු ප්‍රශ්න, ස්වාමියාට හෝ බිරියට අපල විපත්ද විය හැකියි.
2016හි ජේ‍යාතිෂ අනුව
අය-වැය සඳහන් කර ඇත්තේ මෙසේය.
• මේෂ හා වෘෂභ ලග්න හිමියන්ට අය 14කි - වැය 02කි.
• වෘෂභ හා තුලා ලග්න හිමියන්ට අය 08කි - වැය 11කි.
• මිථුන සහ කන්‍යා ලග්න හිමියන්ට අය 14කි - වැය 08කි.
• කටක ලග්න හිමියන්ට අය 08කි - වැය 05කි
• සිංහ ලග්න හිමියන්ට අය 11කි - වැය 2කි.
• ධනු සහ මීන ලග්න හිමියන්ට අය 11කි - වැය 8කි.
• මකර, කුම්භ ලග්න හිමියන්ට අය 5කි - වැය 11කි.
මේ අනුව වැය වැඩි අයට වැය පක්ෂය අවම කර අය පක්ෂය වැඩිකර ගැන්මටද, අය පක්ෂය වැඩි අයට එය රැක ගැන්මටද පිළිවෙත් අවශ්‍ය වෙයි.
කෙටි කාලීනව රාශි චක්‍රයේ චන්ද්‍ර, රවි, බුධ, කුජ ගමන් කරන අතර අසුබ ග්‍රහයන් සමඟ සංයෝග වූ අවස්ථාවලදීද අසුබ ග්‍රහ දෘෂ්ටි එල්ල වූ අවස්ථාවලදීද අසුබ රාශි මතින් ගමන් කිරීමේදීද කෙටි කාලීනව අපල උපද්‍රව හානි සිදුවෙයි.
මේ නිසා ගත වූ වසරට වඩා ලග්න රාශියකට සුබ පල දීම් අඩුය. ජේ‍යාතිෂයට අනුව නිර්දේශිත වත්පිළිවෙත් හා ශාන්තිකර්මද බෞද්ධ ක්‍රමයට අනුව කෙරෙන වත් පිළිවෙත්ද අපල උපද්‍රව දුරුකර ගැන්මට හෝ අවම කර ගැන්මට උපයෝගී කර ගත හැකියි.
ඉන් දැනුම, බුද්ධිය, ප්‍රඥාව පහළ වී තමන්ට දිවි පෙවෙත සාර්ථක කර ගැන්මට හැකිවෙයි. එනිසා එක් එක් ලග්න හිමියන් විසින් අනුගමනය කළ යුතු වත් පිළිවෙත් පුද පූජා ස්තෝත්‍රාදිය මගින් ඉමහත් ප්‍රතිඵල අත්කර ගත හැකියි.
මේෂ ලග්න හිමියන්ට
කතරගම දෙවිඳුන්ගේ පිහිට ලබා ගැන්මට පුද පූජා කිරීමද, කුජ ග්‍රහ ස්තෝත්‍ර භාවිත කිරීමෙන් ඊට අදාළ ග්‍රහ දේව පිහිටද ලබාගත හැකියි. සෙනසුරු 8 වැනි රාශියේ ගමන් ගැනීම නිසා සෙනසුරු ග්‍රහ ස්තෝත්‍රද භාවිත කළ යුතු වෙයි. සෙනසුරු අපල දුරුකර ගැන්මට විෂ්ණු දේව ස්තෝත්‍රද භාවිත කරන්න. මෙම ගයත්‍රියට අමතරව වෙනත් ස්තෝත්‍ර හා කන්නලව්ද භාවිත කරන්න. කුජ දෝෂවලට කොළොං ගස් ස්පර්ශ කර පැන් වත් කිරීමද සුදුසුය.
වෘෂභ ලග්න හිමියන්ට
පාර්වතී ස්තෝත්‍ර හා ලක්ෂ්මී ස්තෝත්‍ර ගායනා කරන්න. ශනි 7 රාශියේ ගමන් කරන බැවින් ශනි ස්තෝත්‍රද ගායනා කළ යුතුය. සිකුරු ස්තෝත්‍ර ගායනා කිරීමෙන් ලග්න බලය වර්ධනය වෙයි.
පාර්වතී හෝ ලක්ෂ්මී රූපයකට පිච්ච මල් මාලා පලඳවන්න. කරඳ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න. සිකුරු ස්තෝත්‍ර ගයන්න.
මිථුන ලග්න හිමියන්ට
බුධ ග්‍රහයා ලග්නාධිපති බැවින් විෂ්ණු ස්තෝත්‍ර කිරීම සුබ පල දෙයි. සෙනසුරු 6 රාශියේ ගමන් කරන බැවින් ශනි ස්තෝත්‍රද භාවිත කරන්න. රාහු 4 ගමන් කරන බැවින් රාහු ස්තෝත්‍රද භාවිත කරන්න. ගණ දෙවි පූජා සහ ස්තෝත්‍ර කිරීමෙන් රාහු අපලයද දුරු වෙයි. කොහොඹ වෘක්ෂය ස්පර්ශ කර පැන් ඉසින්න. බුධ ග්‍රහයා අධිපති නිසා ඥානය බුද්ධිය වර්ධනයටත්, ව්‍යාපාර දියුණුවටත් බ්‍රහ්ම ස්තෝත්‍ර කියන්න.
කටක ලග්න හිමියන්ට
ශනි 5 රාශියේ ගමන් කරයි. චන්ද්‍රයා අධිපති ග්‍රහයාය. ශනි 5 නිසා උදරාබාධ සම්බන්ධ ආශි්‍රත රෝග පීඩා ආදිය ගෙනදෙයි.
චන්ද්‍ර ස්තෝත්‍රය කියන්න. ශනි 5 ගමන් කරන නිසා ශනි ස්තෝත්‍රයද කියන්න. දිඹුල් රුක්ෂ ස්පර්ශ කර පැන් ඉසින්න. මීට අමතරව බ්‍රහ්ම ස්තෝත්‍රයද භාවිත කරන්න.
සිංහ ලග්න හිමියන්ට
ශනි 4ද, කේතු සහ යුරේනස් මීන රාශිය හෙවත් 7 ගමන් ගැනීම නිසා අනතුරු, පාද රෝග ආදිය ඇති කරයි. ගුරු ලග්නයේ ගමන් ගනී. ආර්ථික අතින් යම් යම් අවහිරතා ඇති කරයි.
මේ අය රවි ස්තෝත්‍රද ශිව ස්තෝත්‍රද භාවිත කළ යුතුය. ඉඹුල් ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.
කන්‍යා ලග්න හිමියන්ට
රාහු ලග්නයේද, කේතු යුරේනස් සමඟ 7 වැන්නේද ගමන් කරයි. මනස අවුල් වීම, අනතුරු, රෝග සහ පවුලේ සමඟිය අඩාල වීම් සිදුවෙයි.
ලග්නාධිපතිද බුධ බැවින් බුධ ස්තෝත්‍රය කියන්න. මිථුන ලග්නයට භාවිත බුධ ස්තෝත්‍රය ගැළපෙයි.
විෂ්ණු දෙවියන්ට පුද පූජා සහ ස්තෝත්‍ර කියන්න. තුල්සි පත්‍ර ගෝ තුල්සි මාල පුදන්න.
කොළොම් ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.
තුලා ලග්න හිමියන්ට
සිකුරු ග්‍රහයා ලග්නාධිපති වෙයි. ශනි දෙවැන්නෙහිද සහ යුරේනස් හය වැන්නේද ගමන් ගනී. රාහු 12 වැන්නේ ගමන් ගනී. ධන හානි, හතුරු බාධක හටගනී.
සරස්වතී, ලක්ෂ්මී, පාර්වතී යන දේවතාවියන්ට පුද පූජා ස්තෝත්‍රාදිය කියන්න.
ගණ දෙවි ස්තෝත්‍ර ගායනා කිරීම මඟින් රාහු අපල දුරු කරයි. කරඳ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.
වෘශ්චික ලග්න හිමියන්ට
කුජ අධිපති බැවින් කතරගම දෙවිඳුන්ට පුද පූජා තබා ස්තෝත්‍ර කියන්න. ශනි ලග්න රාශියේ ගමන් ගනී. රාහු 11 ගමන් ගනී. කේතු යුරේනස් 5 ගමන් ගනී.
උදර රෝග හට ගනී. වැය වැඩි වෙයි. කතරගම සහ විෂ්ණු දෙවිවරුන්ට පුද පූජා තබන්න. ශනි ස්තෝත්‍රද කීම ප්‍රයෝජනවත්ය. කොළොං ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.
ධනු ලග්න හිමියන්ට
ධනු ලග්න හිමියාගේ අධිපති ග්‍රහයා ගුරු හෙවත් බ්‍රහස්පතිය. ශනි 12 රාශිය වූ වෘශ්චිකයේ ගමන් ගනී. කේතු යුරේනස් හතරවැන්නේ ගමන් ගනී. පපුවේ ආබාධ, ධන හානි, වෘත්තීය බාධක ගෙනදෙයි.
ගුරු ග්‍රහ ස්තෝත්‍රය භාවිත කරන්න. ශිව ස්තෝත්‍රය සහ කතරගම ස්තෝත්‍ර කියන්න. පූජා තබන්න. බෝ ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.
මකර ලග්න හිමියන්ට
ශනි අධිපති ග්‍රහයා වන අතර ශනි 11 රාශියේ ගමන් ගනී. ගුරු 8 ගමන් ගනී. ශනි ගමන සුබය. දියුණුවට හා ලැබීම්වලට යහපත්. නමුත් ගුරු ගමන අහිතකර ප්‍රතිඵල අත්කර දෙයි. රෝග පීඩා ලේ දෝෂද හටගනී. සෙනසුරු රූපයක් තබා සෙනසුරු ස්තෝත්‍ර කියන්න. විෂ්ණු ස්තෝත්‍ර පුද පූජාද සුදුසුය. ගුරු 8 නිසා පත්තිනි පූජා සුදුසුය. නුග ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.
කුම්භ ලග්න හිමියන්ට
ලග්නාධිපති සෙනසුරු ග්‍රහයාය. ශනි 10 රාශියේ ගමන් ගනී. රැකියාවලට බාධා ගෙන දෙයි. ආදායම් අඩුවෙයි. උෂ්ණ රෝග හටගනී. විෂ්ණු ස්තෝත්‍රය භාවිත කර පූජා තබන්න. නුග ගස් ස්පර්ශ කර පැන් ඉසින්න.
මීන ලග්න හිමියන්ට
අධිපති ගුරු ග්‍රහයාය. මේ අයගේ කේතු පළමු වැන්නේත්, රාහු හත්වැන්නේත්, ගුරු හය වැන්නේත්ය. ගෘහ ජීවිතය තුළ ප්‍රශ්න පැන නඟී. ඇතැමුන්ට විවාහ ප්‍රමාද වෙයි. ශිව, කතරගම දේව පූජා සහ ස්තෝත්‍ර කරන්න. බෝ වෘක්ෂය ස්පර්ශ කරන්න. පැන් වත්කරන්න.
පොදුවේ තමාගේ ලග්නයට හිමි අපල උපද්‍රව ලෙඩ රෝග දුරු කර ගැන්මටත්, රැකියා ව්‍යාපාර දියුණුවටත්, ආදායම් සපල කර ගැන්මටත් බුද්ධිය නුවණ ප්‍රඥාව පහළ වීමටත් පුද පූජා ස්තෝත්‍ර කළ යුතුය. ජේ‍යාතීර්වේදයේ සඳහන් පරිදි ලග්න ග්‍රහයන්ට අදාළ දේව පූජා කළ යුතුය. එසේම වෙහෙර විහාරස්ථානවලදී හෝ හින්දු කෝවිල්වලදීද කළ හැකියි. වර්තමානයේ පුද පූජා හා ස්තෝත්‍රාදිය පිළිබඳ ලියැවුණු පොත් පත් ඇත. ඒවාද ප්‍රයෝජනයට ගත හැකිය.
බෝධි වන්දනා කිරීමෙන්ද, බෝධි පූජා කිරීමෙන්ද, බොහෝ විට සෙනසුරු අපල දුරු වෙයි. චෛත්‍ය පූජා තැබීමෙන් දීර්ඝායුෂ දෙයි. බුදු පිළිම හා දේව පිළිම ස්නානය කිරීමෙන්ද රෝග පීඩා දුරු වී දීර්ඝායුෂ දෙයි. ලැබීම්, සම්පත් ලැබීමට වෘත්තීය හා ව්‍යාපාරික දියුණුවට ලක්ෂ්මී පූජා තබන්න. හතුරු බාධක දුරු කිරීමට ස්තෝත්‍ර කියන්න. පූජා තබන්න. ඇතැම් අයට පිටරට යෑමටත්, පිටරට වෘත්තීය සඳහාත් බාධා පවතී නම් ලක්ෂ්මී පූජාද, හනුමන්ට පූජා හා ස්තෝත්‍රාදිය කරන්න. විභාග ජයග්‍රහණ, කලා නිර්මාණ සාර්ථක වීමටත් විද්වත් වෘත්තීය සාර්ථකත්වයටත් ගණේෂ, ලක්ෂ්මී, සරස්වතී පුද පූජා තබන්න.
මීට අමතරව බෞද්ධ පිළිවෙත් පිහිට ලබාගත හැකියි. ඒරාෂ්ටක මාරක අපල යනු පෙර කරන ලද අකුසල් විපාකයන්ය. එනිසා දාන, ශීල, භාවනාද චෛත්‍ය බෝධි පූජාද සුදුසු වෙයි.
යමෙකුගේ පරිහානීය ලක්ෂණ පෙනේනම් පරාභව සූත්‍රය නිතරු භාවිත කරන්න. එහි අරුත් පිළිපදින්න. සතුර බාධා වේනම් වසල සූත්‍රය භාවිත කරන්න. තදබල රෝග පීඩා ඇත්නම් ගිරිමානන්ද පිරිත, ඛන්ධ පිරිත, බහුලව භාවිත කරන්න. මාරක අපල වේනම් මෝර පිරිත භාවිත කරන්න. දිළිඳුකම දුරු වී ධන වාසනාව ලැබීමට ලක්ෂ්මී ස්තෝත්‍රය කුවේර ඇත.
| ප්‍රවීණ අංක විද්‍යා, ජේ‍යාතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>



2016 වසරේ ලග්න පලාපල

පලාපල විස්තර බැලීමට "see more" හෝ "Continue Reading" click කරන්න
2016 වසර උදාවන්නේ බුධට අයත් කන්‍යා ලග්නයෙන් වන අතර, රවිට අයත් උත්‍රපල නැකතින් වසර ආරම්භ වේ. ග්‍රහලොව පීතෘකාරක රවිගේ නැකතකින් වසර ආරම්භ වීම සුභ දායක බව ජ්‍යොතිශයට අනුව පැවසිය හැක. ඒ අනුව උදාවන 2016 වසර සෑම කෙනෙකුටම පාහේ සුභ දායක වන බව පෙන්වා දිය හැක. 2016 වසරේ ලග්න 12 ට ඇතිවන තත්වයන් පිළිබඳව විස්තර පහත සඳහන් වේ.
මේෂ ලග්නය - ගජකේශරී රාජයෝගය උදාවේ.
ලග්නාධිපති කුජ 7 වැන්නේත්, සනි සිකුරු 8 වැන්නේත්, ගුරු චන්ද්‍ර 5 වැන්නේත්, රවි 9 වැන්නේත්, බුධ 10 වැන්නේත්, රාහු 6 වැන්නේත්, කේතු 12 වැන්නේ යෙදෙන ගෝචර ගමනින් වසර ආරම්භ වන අතර, මේෂ ලග්න හිමියන්ට මෙම වසර සුභ දායක වසරක් බව පැවසිය හැක. සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටකය පැවතුනත්, එම බාධක ජයගෙන ඉදිරියට යා හැකි තත්වයක් උදාවන බව පෙන්වා දිය හැක. විශේෂයෙන් 5 වැන්නේ යෙදෙන ගජකේශරී යෝගය නිසා සිය`ඵ බාධක ඉවත් වන අතර, ගුරු මහා දසා, රාහු මහා දසා ගතකරන අයට මේ වසරේ ආර්ථීක තත්ත්වය යහපත් වන බව පැවසිය හැක. වෙශී, වොශී සහ උභයචාරී යෝගය උදාවීම නිසා ආගියතැන හොඳ පිළිගැනීමක් ඇති වන අතර, බත වරදින්නේ නැති වසරක් බව තවදුරටත් පෙන්වා දිය හැක. අගෝස්තු මස 11 වන දින දක්වා මේෂ ලග්න හිමියන්ට මෙම සුභදායක තත්වය ඇතිවේ. උසස් විභාග වලට පෙනී සිටින අයට එයින් ජය අත්වේ. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට එම අරමුණු සාක්ෂාත් කර ගත හැක.
සෞඛ්‍යය තත්ත්වය තරමක් දුරට පිරිහෙන අතර, ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. ජය අංකය 5 ජය වර්ණය රතු.
වෘෂභ ලග්නය - ධන ලාභ හිමිවේ.
ලග්නාධිපති සිකුරු 7 වැන්නේ සෙනසුරු සමග සංයෝග වන අතර, ගුරු චන්ද්‍ර 4 වැන්නේ සංයෝග වන අතර, කුජ 6 වැන්නේත්, රවි 8 වැන්නේත්, බුධ 9 වැන්නේත්, රාහු 5 වැන්නේත්, කේතු 11 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර වෘෂභ ලග්න හිමියන්ට ධන ලාභ ලැඛෙන වසරක් බව පෙන්වා දිය හැක. කේතු ග්‍රහයා 11 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර වෘෂභ ලග්න හිමියන්ට නොසිතූ ධන ලාභ, ආර්ථීක ප්‍රතිලාභ, කොමිස්, වාහන ලාභ හිමිවන වසරක් බව පැවසිය හැක. විවාහ අපේක‍ෂාවෙන් සිටින අයට තවදුරටත් 2016 වසර අවසානය තෙක් එම බලාපොරොත්තු නම් සුන්වන වසරක් බව පෙනේ. එමනිසා ප්‍රේම සම්බන්ධතා කැඩී බිඳී යන වසරක් බැවින්, බුද්ධි ගෝචරව කටයුතු කළ යුතු බව අවබෝධ කරගත යුතුය. ගජකේශරී යෝගය වෘෂභ ලග්න හිමියන්ටද වසර ආරම්භයේදී යෙදේ. කුජ සිකුරු පරිවර්තන යෝගයක්ද ඇතිවේ.
සෞඛ්‍යය තත්ත්වය යහපත් වන අතර, රැකියාව පිළිබඳව කල්පනාකාරීව කටයුතු කළ යුතු වේ. ජය අංකය 6 ජය වර්ණය නිල්.
මිථුන ලග්නය - විදේශ ගමන් ඇතිවේ.
ලග්නාධිපති බුධ 8 වැන්නේත්, රවි 7 වැන්නේත්, ශනි සිකුරු 6 වැන්නේත්, කුජ 5 වැන්නේත්, ගුරු චන්ද්‍ර 3 වැන්නේත්, රාහු 4 වැන්නේත්, කේතු 10 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර මිථුන ලග්න හිමියන්ට සෑම අතින්ම සුභ දායක වසරක් බව පැවසිය හැක. මිථුන ලග්න හිමියන්ට මෙම වසරේ විදේශ ගමන් ඇතිවන අතර, පිටරට ස්ථීර පදිංචිය සඳහා අයදුම් කර ඇති අයට එම බලාපොරොත්තු සාක‍ෂාත් කරගත හැකි නව වසරක් වේ. තම බලාපොරොත්තු ඉටු වන අතර, සිය`ඵ බාධක අවහිරතාවයන් මගහැරී යන වසරක් බැවින්, මිථුන ලග්න හිමියන් මෙම වසරේ ආර්ථීක තත්ත්වය අතින්ද ප්‍රබල තත්ත්වයකට පත්වන ලකුණු පෙනේ. ගජකේෂරී යෝගයද පැන නගින අතර, කුජ සිකුරු පරිවර්තන යෝගයද ඇතිවන අතර, එම නිසා තමන්ට අවශ්‍ය මිල මුදල් නොඅඩුව ලැඛෙන වසරක් වේ. මෙතෙක් අතරමග නවතා දැමූ කටයුතු ආරම්භ කිරීමට මෙම වසර මිථුන ලග්න හිමියන්ට සුභ වේ.
රැකියාවේ වෙනස්කම් ඇති වන අතර, එය තමාගේ දියුණුව පිණිස වේ. වෙන වසර වලට වඩා උසස්වීම් වැටුප් වැඩිවීම් ඇතිවේ. ව්‍යාපාරවල නිරත අයට තමන්ගේ ආර්ථීක තත්ත්වය වෙන වසර වලට වඩා වැඩි දියුණු කරගත හැකි සුභ නව වසරක් වේ. ජය අංකය 6 ජය වර්ණය කොළ.
කටක ලග්නය - ලොතරැයි වාසනා
ලග්නාධිපති චන්ද්‍රයා ගුරු සමග ධනස්ථානයේත්, කුජ 4 වැන්නේත්, ශනි සිකුරු 5 වැන්නේත්, රවි 6 වැන්නේත්, බුධ 7 වැන්නේත්, රාහු 3 වැන්නේත්, කේතු 9 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර කටක ලග්න හිමියන්ට ලොතරැයි වාසනා හිමිවන සුභ නව වසරක් බව පෙන්වා දිය හැක. ලග්නාධිපති චන්ද්‍රයා පුණ්‍යස්ථානාධිපති ගුරු සමග සංයෝග වීම නිසා මෙම වසරේ කටක ලග්න හිමියන්ට ලොතරැයි වාසනා හිමිවන බව ඉතාපැහැදිළිය. ගජකේශරී යෝගය උදාවන අතර, කුජ සිකුරු පරිවර්තන යෝගයක්ද ඇතිවන නිසා අනිවාර්යෙන්ම නොසිතූ ධන සම්පත් හිමිවන වසරක් වේ. මැණික් පතල් වල කටයුතු කරන අයට වටිනා මැණික් ලැඛෙන වසරක් බව වැඩිදුරටත් පෙන්වා දිය හැක.
සෞඛ්‍යය තත්ත්වය තරමක් දුරට අයහපත් වන අතර, ශල්‍යකර්ම ආදියට භාජනය විය හැක. වෙන වසර වලට වඩා මෙම වසරේ කටක ලග්න හිමියන්ට තරහා යන ගතියක් ඇතිවේ. රැකියාවේ වෙනස්කම් ද ඇති වේ. ජය අංකය 2 ජය වර්ණය සුදු.
සිංහ ලග්නය - කෝටියක් දෝෂ භංගවේ.
ලග්නාධිපති රවි 5 වැන්නේත්, ශනි සිකුරු 4 වැන්නේත්, ගුරු චන්ද්‍ර ලග්නයේත්, බුධ 6 වැන්නේත්, කුජ 3 වැන්නේත්, රාහු 2 වැන්නේත්, කේතු 8 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර සිංහ ලග්න හිමියන්ට ඇති වී තිබුණු බාධක ඉවත් වී සැනසිලි දායක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වට පිටාව ඇතිවන සුභ නව වසරක් උදාවෙන බව පෙන්වා දිය හැක. අගෝස්තු 11 වෙනිදා දක්වා කරදරයකින් තොරව තව ජීවිකාව ගෙන යා හැකි අතර, මෙම වසරේ අලූතින් නිවාස, ගොඩනැගිලි ඉදි කිරීමට සහ යාන වාහන මිලදී ගැනීමට හැකි සුභ නව වසරක් සිංහ ලග්න හිමියන්ට උදාවේ. රාහු මහා දසා ගතකරන අයගේ පියාට අපල දායක තත්වයක් ඇතිවේ. ගජකේශරී රාජ යෝගය උදාවන අතර, කුජ සිකුරු පරිවර්තන යෝගද උදාවේ.
රැකියාව අතින් බැලු කල කරදර බාධක ඇති වුවද ගුරු දෙවියන් ලග්නයේ ගමන් කිරීම නිසා එම බාධක ඉවත් වේ. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ පාද වලට රෝග පීඩා ඇති වන බවයි. ජය අංකය 10 ජය වර්ණය තඹ.
කන්‍යා ලග්නය - හදිසි ධනලාභ.
ලග්නාධිපති බුධ 5 වැන්නේත්, ශනි සිකුරු 3 වැන්නේත්, ගුරු චන්ද්‍ර 12 වැන්නේත්, කුජ 2 වැන්නේත්, රවි 4 වැන්නේත්, රාහු ලග්නයේත්, කේතු 7 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර කන්‍යා ලග්න හිමියන්ට හදිසි ධනලාභ, විදේශ ගමන් යෙදෙන 2016 වසර සුභ නව වසරක් බව පෙන්වා දිය හැක. 9 වැන්නාධිපති සිකුරු සමග 5 වැන්නාධිපති සෙනසුරු වික්‍රමස්ථානයේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර ආර්ථීක ප්‍රතිලාභ රැසක් අත්පත් කර ගත හැකි වසරක් බව පැවසිය හැක. සිය`ඵ සතුරන් පරාජය වන වසරක් වන අතර, පිටරට පදිංචිය සඳහා ඉල්ලූම් කර ඇති යට එම බලාපොරොත්තු ඉටුවන වසරක් වේ. කේතු 7 වැන්නේ ගමන් කිරීම නිසා විවාහ ජීවිතයේ ප්‍රශ්න හා ගැට`ඵ මතුවිය හැක. විභාග වලින් ජය අත්වන වසරක් වේ.
රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ මෙම වසර කන්‍යා ලග්න හිමියන්ට සුභදායක වසරක් වන බවය. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ ශල්‍යකර්ම පාදවල ආබාධ ඇති වීමට ඉඩ තිඛෙන බවයි. කන්‍යා ලග්න හිමියන් කොහොඹ වෘක‍ෂයට ආව තේව කිරීම හා වන්දනාමාන කිරීම තුළින් රෝගාබාධ සුවපත් කර ගත හැක. ජය අංකය 3 ජය වර්ණය කොළ.
තුලා ලග්නය - විදේශ ගමන්.
ලග්නාධිපති සිකුරු ධනස්ථානයේත්, කුජ ලග්නයේත්, රවි 3 වැන්නේත්, බුධ 4 වැන්නේත්, ගුරු චන්ද්‍ර 11 වැන්නේත්, රහු 12 වැන්නේත්, කේතු 6 වැන්නේත්, ගෝචර ගමනින් යෙදෙන මෙම වසර තුලා ලග්න හිමියන්ට තවදුරටත් සුභ වසරක් නොවේ. ලග්නාධිපති සෙනසුරු දෙවැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර රාජ්‍ය පාලකයාට මාරක අපල ගෙන දෙන වසරක් බව පෙන්වා දිය හැක. මැති ඇමතිවරු, ප්‍රභූ වරුන්ට එම නිසා මාරක අනතුරු ඇති වන බව පෙන්වා දිය හැක. ධනය අතින් බැලු කල පෙනී යන්නේ තුලා ලග්න හිමියන්ට හදිසි ධන ලාභ ඇති වන බවය. විදේශ ගමන් බහුලවන වසරක් වේ. ලග්නාධිපති ධනස්ථානයේත්, ගුරු 11 වැන්නේත්, ගමන් කරන නිසා වසර ආරම්භයේදී ආර්ථීක තත්වය ඉතා සුභදායී වන බව පැවසිය හැක. ගජකේශරී යෝගයද පැන නැගේ. තුලා ලග්න හිමියන්ට පමණක් මෙම වසර ප්‍රබල ධන යෝග ඇති වන වසරක් බව වැඩිදුරටත් පෙන්වා දිය හැක. ලග්නාධිපතියා සහ ධනස්ථානාධිපතියා අතර ඇතිවන පරිවර්තන යෝගය නිසා ධනය අතින් ඉතා සුපිරි තත්වයකට ලගා වන බව පෙනෙයි.
ලොතරැයි වාසනාද හිමිවේ. නමුත් මානසික අසහනය තවදුරටත් බලපවත්වයි. සිකුරු මහා දසා ගතකරන බුධ මහා දසා ගතකරන අයට නම් වරදක් නැත. රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ මෙම වසරේ රැකියාවේ වෙනස්කම් රැසක් ඇතිවන බවයි. සෞඛ්‍යය අතින් බැලුකල පෙනී යන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්වයන් ඇති වේ. මේවා වලක්වා ගැනීමට පුෂ්පරාග මැණික පැලඳීම සුදුසු වේ. ජය අංකය 2 ජය වර්ණය රෝස.
වෘශ්චික ලග්නය - ගජකේශරී රාජ යෝගය උදාවේ.
ලග්නාධිපති කුජ 12 වැන්නේත්, සෙනසුරු සහ සිකුරු ලග්නයේත්, රවි 2 වැන්නේත්, බුධ 3 වැන්නේත්, ගුරු චන්ද්‍ර 10 වැන්නේත්, රාහු 11 වැන්නේත්, කේතු 5 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර වෘශ්චික ලග්න හිමියන්ට මානසික කරදර තවදුරටත් උග්‍ර වන වසරක් බව පෙන්වා දිය හැක. බිරින්දෑවරුන්ගෙන් තම ස්වාමියාට හිරි හැර, තාඩන පීඩන ඇති වන වසරක් වන අතර, කරදර බාධක නොසිතූ ලෙස ඇති වන වසරක් බැවින්, වෘශ්චික ලග්න හිමියන් තම සහකාරියගෙන් ප්‍රවේසම් විය යුතු වේ. විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ගේ විවාහ ජීවිතය මෙම වසරේ දෙදරා යාමට ඉඩ තිබේ. 7 වැන්නාධිපති සිකුරු සෙනසුරු සමග ලග්නයේ සැරි සරන නිසා මෙම තත්ත්වයන් වසරේ මුලදී ඇති වුවද ඉන් පසු තරමක් දුරට එම තත්ත්වය මග හැරී යයි. මෙම වසරේ දික්කසාද වන වැඩි හරියක් වාශ්චික ලග්න හිමියන් වේ. මානසික ගැටලූ නිරාකරනය කර ගැනීම සඳහා වෘශ්චික ලග්න හිමියන් තද නිල් මැණික් හා කාක නිල් රිදී ලෝහය සමග පැලඳීම තුළින් මෙම තත්වයන් මග හරවා ගත හැක. නුග බෝධියට තල තෙල් වලින් පහන් පූජා කිරීම යෝග්‍ය වේ. ධන හානිද වෘශ්චික ලග්න හිමියන්ට ඇතිවෙන වසරකි. එම නිසා මෙම වසර වෘශ්චික ලග්න හිමියන් නිවාස සෑදීමට උත්සාහ කළ යුතුය. එවිට ධන හානිය සිදුවන්නේ තමන්ගේ නිවස සෑදීමටය. එය පසුව තමන්ට හොඳ ආයෝජනයක් වේ. මෙවැනි සෙනසුරු ඒරාශ්ටක තියෙන කාල වලදී නිවාස තැනීම ඉතා සුදුසු වේ. එම නිසා මාර්තු 01 වෙනිදා සිට මාර්තු 15 දක්වා නිවාස සෑදීමක් සඳහා මුල් ගල් තැබීම තුලින් එම නිවසේ ශ්‍රියාව ඇතිවේ.
රාහු මහා දසා ගතකරන වෘශ්චික ලග්න හිමියන්ට පමණක් සුභ පල උදාවේ. ජය අංකය 11 ජය වර්ණය රතු.
ධනු ලග්නය - පෙර පිං පලදේ - විදේශ ගමන්.
ලග්නාධිපති ගුරු ග්‍රහයා චන්ද්‍රයා සමග 9 වැන්නේත්, ශනි සිකුරු 12 වැන්නේත්, බුධ 2 වැන්නේත්, කුජ 11 වැන්නේත්, රාහු 10 වැන්නේත්, කේතු 4 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර ධනු ලග්න හිමියන්ට පෙර පිං පලදෙන වසරක් වේ. ධනු ලග්න හිමියන්ට මෙම වසරේ දීර්ඝ විදේශ ගමන් ඇති වන අතර, පිටරට පදිංචිය සඳහා ඉල්ලූම් කරන අයට වීසා හිමිවේ. උභයචාරී යෝගය වසර ආරම්භයේදීම පිහිටන නිසා ආ ගිය තැන හොඳ පිළිගැනීමක් ඇති වන අතර, තම බලාපොරොත්තු සෑහෙන දුරකට සාර්ථක වන බව පෙනේ. එවි ලග්නයේ ගමන් කරන නිසා වසර මුලදී තරමක් දුරට කේන්ති ස්වභාවයකින් කාලය ගත කරන්නට සිදුවේ. සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකය පවතින නිසා සෙනසුරු මහා දසා ගතකරන අයට තරමක් දුරට කරදර බාධක ඇති වන අතර, අනෙකුත් මහා දසාවන් ගත කරන අයට සුභ පල උදාවන නව වසරක් වේ. රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ උසස් වීම් නොලැබීම නිසා තරමක් දුරට කල කිරීම් ස්වභාවයක් ඇති වේ. විදේශ ගමන් අධික වේ.
සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ දියවැඩියාව වැනි රෝගාබාධ ඇති වීමේ ප්‍රවනතාවයක් තිඛෙන බවයි. ජය අංකය 1 ජය වර්ණය කහ.
මකර ලග්නය - ඉඩකඩම් සහ හදිසි ධනලාභ හිමිවේ.
ලග්නාධිපති සෙනසුරු සිකුරු සමග අයස්ථානයේත්, බුධ ලග්නයේත්, ගුරු චන්ද්‍ර 8 වැන්නේත්, කුජ 10 වැන්නේත්, රවි 12 වැන්නේත්, රාහු 9 වැන්නේත්, කේතු 11 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර මකර ලග්න හිමියන්ටද සුභ දායී නව වසරක් බව පෙන්වා දිය හැක. හදිසි ධනලාභ, ඉඩකඩම්, නිවාස හිමි වන වසරක් බැවින්, මකර ලග්න හිමියන්ට මෙම වසර සෑම අතින්ම සුභදායී වසරක් බව කිව හැක. අලූතින් ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ඇතිවේ. පිටරටන් ආදායම් ලැබිය හැකි වසරකි. ජලයෙන් තරමක් ප්‍රවේසම් විය යුතු වසරක් වේ. වෙනදාට වඩා විනෝදකාමීව කාල ගත කරන වසරක් වේ. පියාට තරමක් අපලදායකය. පොදුවේ ගත් කල මකර ලග්න හිමියන්ට මෙම වසරේ හදිසි ධනලාභ හිමිවන වසරක් බව පෙන්වා දිය හැක.
රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ උසස්වීම්, වැටුප් වැඩිවීම් ඇතිවන වසරක් බවයි. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ වකුගඩු හා පිත්තාශය තුළ ගල් ඇති වීමේ ප්‍රවනතාවයක් ඇති වන බැවින්, වෙනදාට වඩා ජලය පානය කිරීම සුදුසු බවය. ශල්‍යකර්ම වලට භාජනය වීමට ඉඩ තිබේ. ජය අංකය 11 ජය වර්ණය තද නිල්.
කුම්භ ලග්නය - වන්දනා ගමන් ඇතිවේ.
ලග්නාධිපති සෙනසුරු සිකුරු සමග 10 වැන්නේත්, රවි 11 වැන්නේත්, බුධ 12 වැන්නේත්, චන්ද්‍ර ගුරු 7 වැන්නේත්, කුජ 9 වැන්නේත්, රාහු 8 වැන්නේත්, කේතු 2 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර කුම්භ ලග්න හිමියන්ට සමපල උදාවන වසරක් බව පෙන්වා දිය හැක. නීතිය හදාරන අයට ඒ සඳහා එම වැඩ පටන් ගැනීමට සුදුසු වසරක් වේ. විවාහ ජීවිතයේ ප්‍රශ්න හා ගැටලූ වලට මුහුණ දීමට සිදුවේ. වෙන වසර වලට වඩා මෙම වසරේ මුරණAඩු ගති වැඩිවේ. ගජකේශරී යෝගය යෙදී ඇති බැවින්, බාධක ජය ගත හැක. අලූතින් නිවාස ඉදි කිරීමට කුම්භ ලග්න හිමියන්ට මෙම වසර සුභ දායක වේ. රවි මහා දසා ගතකරන ගුරු මහා දසා ගතකරන කුම්භ ලග්න හිමියන්ට පමණක් සුභ පල උදාවන අතර, අනෙකුත් අයට සමපල උදාවන වසරක් බව පෙන්වා දිය හැක. රැකියාව ගැන බැලු කල පෙනී යන්නේ මෙම වසරේ එයට බාධක කරදර ඇති නොවන වසරක් ලෙසය. කුම්භ ලග්නයෙන් උපන් අයට මෙම වසරේ දඹදිව වන්දනා ගමන් ඇති වන බව පෙනේ.
සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ සෙම්ගෙඩි, උගුරේ අමාරු, කතාවේ දුබලතා, උණ, සෙම්පතිශ්ශාව වැනි රෝග සෑදීමේ ප්‍රවනතාවයක් ඇති වසරක් බව පෙනේ. ජෙය අංකය 9 ජය වර්ණය තද නිල්.
මීන ලග්නය - හදිසි අනතුරු
ලග්නාධිපති ගුරු චන්ද්‍රයා සමග 6 වැන්නේත්, ශනි සිකුරු 9 වැන්නේත්, 10 වැන්නේ රවිත්, 11 වැන්නේ බුදත්, කුජ 8 වැන්නේත්, රාහු 7 වැන්නේත්, කේතු ලග්නයේත් ගෝචර ගමනේ යෙදෙන මෙම වසර මීන ලග්න හිමියන්ට මෙම වසර තුල හදිසි අනතුරු ඇති වන ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බැවින්, රිය පදවන අය වෙනදාට වඩා ප්‍රවේසමෙන් තමන්ට වාහනය පාලනය කරගත හැකි වේගයෙන් එම කාර්ය කළ යුතු වේ. නැතිනම් හදිසි අනතුරු වලට මුහුණ පාන්නට සිදුවේ. උභයචාරී යෝගය යෙදී ඇති බැවින්, වෙන වසර වලට වඩා ජීවන තත්වය උසස් වේ. අගෝස්තු 11 පසුව මීන ලග්න හිමියන්ට වසරේ මුල් කාලයට වඩා වාසි දායක තත්ත්වයක් උදාවේ. රවි මහා දසා ගතකරන බුධ මහා දසා ගතකරන සිකුරු මහා දසා ගතකරන මීන ලග්න හිමියන්ට සුභ පල උදාවන අතර, අනෙකුත් අයට සමපල උදාවන වසරක් බවට පෙන්වා දිය හැකිය.
රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ උසස්වීම්, වැටුප් වැඩිවීම්, ඇති වන වසරක් බවයි. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ අධික රුධිර පීඩනය ඇති වීමට ඉඩ ඇති වසරක් වේ. වෙනදාට වඩා ශරීර ශක්තිය අඩු විය හැක. ජය අංකය 2 ජය වර්ණය කහ.
විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති සහ ජ්‍යොතිෂ විශාරද
ආචාර්ය විජිතරෝහණ විෙජ්මුණි.
සරණ ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය
නුගේගොඩ.


>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>